ස්වාධීන වූ පක්ෂ 10 හදිසි නීතියට පක්ෂව ඡන්දය දීමේ සූදානමක….

හදිසි නීතිය සම්මත කරගැනීම සඳහා ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ඡන්දය දීමට සූදානමින් සිටින බව ප්‍රකාශ වී ඇත.

රටේ සාමය ආරක්ෂා කරගැනීම සඳහා ආරක්ෂක අංශවලට අවශ්‍ය සහයෝගය දීම සඳහාත් ආරක්ෂක අංශවලට පරභව කරමින් නිවට වාග් ප්‍රහාර එල්ල කරන, ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා නොදෙන බව කියන අශිෂ්ට තත්ත්වයන් පාලනය කිරීම සඳහාත් තමන් හදිසි නීතිය ට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රේමනාත් සී. දොළවත්ත පවසා ඇත.

ඔහු ඒ ප්‍රකාශය කරන්නේ  පක්ෂ 10 මන්ත්‍රීවරුන්ගේ හමුවකින් පසුවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම විමල් වීරවංශ ප්‍රකාශයක් කරමින් අධිරාජ්‍යවාදී විදෙස් බලවේගවලට රට යටත් කිරීමේ බරපතල කුමන්ත්‍රණයක් පවතින බවත් එම කුමන්ත්‍රණයට එරෙහි වීමට තීරණය කළ බවත් පවසා ඇත.


 

Exit mobile version