ස්වයං නිරෝධායනයෙන් පැන ඇවිත් හැටන් පේමන්ට් එකේ එළවළු විකුණලා…

ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පිරිසක් නිරෝධායනය නොවී හැටන් පදික වේදිකාවේ වෙළෙඳාම් කරමින් සිටිය දී අද හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට නිරීක්ෂණය වී ඔවුන්ව වහාම නිරෝධායනය සඳහා යොමු කර තිබිණි.

මෙසේ නිරෝධායනය සඳහා යොමු කර ඇත්තේ හැටන් නගරයේ ප්‍රථමයෙන් කොවිඩ් –19 වෛසරය ආසාදනය වූ මත්ස්‍යය ව්‍යාපාරිකයාගේ ළඟම ආශ්‍රිතයන් කිහිප දෙනෙකි. 

මෙම පිරිස ඊයේ (02) පදික වෙළෙඳාමේ නිරත වී සිට ඇත්තේ  පෑලියගොඩ මත්ස්‍යය වෙළෙඳ පොළේ  ආශ්‍රිතයෙකු වු හැටන් ව්‍යාපාරිකයාට අයත් වෙළෙඳ සැළ ඉදිරිපිටමය. මහජන සෞඛ්‍ය පරීක්ෂවරු මෙම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කර තිබුනේ හැටන් නගරයේම වෙළෙඳ පිරිසක් කළ පැමිණිල්ලකට අනුවය.   


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට එළවළු වෙළෙදාම් කළ වෙළෙඳුන් සහ ඔහුන්ගේ පවුල්වල සමාජිකයින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන තිබේ.

Exit mobile version