ස්වභාවික කම්පනයක් නොවේ… නුවර පොළොව කම්පා කළේ කවු ද?

මහනුවර සිදුවූ කම්පනය ස්වභාවික හේතු මත ඇතිවන භූ කම්පනයක් නොවන බව   විද්‍යාත්මක පර්යේෂණ වලින් තහවුරු වී තිබේ.

භූ කම්පන සම්බන්ධව ඇගයීමේ දී එය නොගිනිය හැකි තරම් කුඩා කම්පනයක් බවත්  මේ සම්බන්ධව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයත් පේරාදෙණිය සරසවියේ භූ විද්‍යා අධ්‍යයන අංශයත් විශේෂ සොයා බැලීමක් කිරීමේන් පසු මේ තත්වය තහවුරු කරගෙන ඇත.

මහනුවර වටා භූ කම්පන මාන 6ක් ස්ථාන ගත කර ඇත. ඉන් එකක් පල්ලෙකැලේ වේ. මෙම කම්පනය සටහන්ව තිබුණේ පල්ලෙකැලේ භූ කම්පන මානයේ පමණි.


දැවැන්ත ශබ්දයක් සමග ඇති වූ කම්පනයකින් අවට නිවාස සියල්ල දෙදරා ගිය බවත් ඊයේ දිවා කාලයේදිත් මෙවැනි සිද්ධියක් වූ බවත් දිගන ප්‍රදේශවාසීහු ලංකාසරට කීහ.      මහනුවර දිස්ත‍්‍රික්කයේ   හාරගම, මයිලපිටිය හා දිගන ප්‍රදේශවලට මේ කම්පනය දැනී තිබිණි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියන්නේ එය මතුපිට සුලු කම්පනයක් බවත් ජනතාව කලබල විය යුතු නැති බවත්, එය  ස්වභාවික භූ කම්පනයක් නොවන බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ නම් එය මිනිස් ක්‍රියාකාරකමක ප්‍රතිඵළයක් විය හැකි දැයි සෙවීමට විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ. දැනට වාර්තාවන තොරතුරු අනුව යම් සිදුවීමක් වාර්තා වන බව කියන්නේ තලාතුඔය ප්‍රදේශයෙනි.

Exit mobile version