ස්පුට්නික් පළමු මාත්‍රාව ගත්තු නුවර එක්ලක්ෂ තිස්පන්දාහකට පාරට බහින්න බැරි වෙයි!

එක් මාත්‍රාවක් පමණකැයි අත්සන් අරන් එන්නත් දී අවුලට දැම්ම නුවර මිනිස්සුන්ගේ කතාව...

Vaccine

එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් කිසිවෙකුට රජයේ කාර්යාල ඇතුළු කිසිම පොදු ස්ථානයක් විවෘත නොවන බවට නිකුත් කර ඇති රජයේ නිවේදනය ප්‍රකාරව පළමු මාත්‍රාව ලෙස ස්පුට්නික් එන්නත ලබා ගත් මහනුවර එක්ලක්ෂ තිස් පන් දහසක ජනතාව කොවිඩ් අතරේ තවත් අර්බුදයකට තල්ලු වී ඇති ආකාරය වාර්තා වේ.

මේ වන විට කුණ්ඩසාලේ තෙල්දෙණිය ගඟවට කෝරළය සහ මහනුවර නගර සීමාවේ ජනතාව ගෙන් එක්ලක්ෂ තිස්පන්දහසක පිරිසකට ස්පුට්නික් දෙවන මාත්‍රාව ලබා දී නැත.

බරපතලම ප්‍රශ්නය ලෙස සෞඛ්‍ය අංශ දක්වන්නේ ස්පුට්නික් පළමු මාත්‍රාව ලබා දුන් අයෙකුට දෙවන මාත්‍රාවට සැකසූ එහි විශේෂිත එන්නත් මාත්‍රාවම ලබා දෙනවා විනා වෙනත් කිසිම එන්නතක් දෙවන මාත්‍රාව වශයෙන් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නොතිබීමය.


මේ වනවිට ස්පුට්නික් දෙවන මාත්‍රාව ලෙස ලැබුණු සීමිත එන්නත් 15000ක ප්‍රමාණයෙන් කුණ්ඩසාලය සහ මහනුවර නගරසභා සීමාව තුළ පදිංචි වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් වෙත දෙවන මාත්‍රාව ලබා දීමෙන් අනතුරුව ඉතා සීමිත මාත්‍රා ප්‍රමාණයක් ඉතිරි වී ඇතැයි වාර්තා වේ.

එම මාත්‍රා ප්‍රමාණය ලබා ගැනීමට පොරයක් නිර්මාණය වී ඇති අයුරු හෙළි වී ඇත.

“ අපි ඉතාම දැඩි පීඩනයක ඉන්නෙ. සෞඛ්‍ය අංශ කියනවා ඒ අයට මේ මාත්‍රා ප්‍රමාණය අවශ්‍යයයි. ඔවුන් තමයි අවදානම් කියලා. අධිකරණ පද්ධතියෙ ඉන්න මහේස්ත්‍රාත්වරුන් ඇතුළු පිරිස් ඉල්ලීම් කරලා තියනවා කොවිඩ් දේහ පරීක්ෂණ වැනි කටයුතුවට නිරාවරණය වන නිසා ඔවුන්ට ප්‍රමුඛස්ථානය දෙන්න කියලා. මේ අතරෙ එක එක් දේශපාලකයන්ගෙ හැඳුනුම්කම් කියාගෙන දුරකථන ඇමතුම් දීගෙන හොරෙන් ඇවිත් හම්බවෙනවා මේ එන්නත් ගන්න. ඔබ හිතනවට වඩා මේ තත්වය සංකීර්ණයි.“

මහනුවර සෞඛ්‍ය බලධාරීහු ලංකාසරට පැවසූහ.

මෙම එන්නතේ දෙවන මාත්‍රාව පිළිබඳ කිසිවෙක් කිසිවක් ප්‍රකාශ නොකරන බවත්,  රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පමණක් සැප්තැම්බර් මස වනවිට තවත් එන්නත් මාත්‍රා තිස් පන්දහසක් පමණක් ලැබෙන්නට නියමිත ආකාරය ප්‍රකාශ කළ බවත්  එයත් තහවුරු කළ ප්‍රකාශයක් නොවන බවත් පළාත් සෞඛ්‍ය අංශ කියයි.

“ඒ තිස්පන්දාහක් ආවත් තවත් ලක්ෂයක් අසරණයි. මේ තත්වයට නුවරට ගෙනත් එක් එන්නත් මාත්‍රාවක් ඇති කියලා අත්සන් ගහලා එන්නත් දුන්නු දැන් සෞඛ්‍ය ඇමති නුවරට වෙලා තියෙන්නෙ මොනවද කියලා බලන්නෙ නෑ…“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බිම් මට්ටමේ සෞඛ්‍ය ආරංචි මාර්ග හෙළි කළේය.

Exit mobile version