“සල්මාන් රෂ්ඩි ට අමාරුයි – ඉන්නේ ශ්වසන ආධාරක පිහිටෙන් “ – නියෝජිතයා කියයි

ඇමෙරිකාවේ නිව්යොර්ක් නුවර දී ඊයේ (12) දරුණු පිහි ප්‍රහාරයකට ලක් වූ ලෝ ප්‍රකට ලේඛක සල්මාන් රෂ්ඩිගේ තත්ත්වය බරපතල  බව ඔහුගේ නියෝජිත ඇන්ඩෘ වයිලී පවසයි. ඔහුගේ අක්මාවට සහ අතේ බාහුවක ස්නායුවලට දැඩි හානි සිදුව ඇති බවත් එක් ඇසක් අහිමි වනු ඇති බවත් පවසන ඔහුගේ නියෝජිතයා මේ වනවිට රෂ්ඩි රෝහලේ ශ්වසන ආධාරක යන්ත්‍රවලට සම්බන්ධ කොට ඇති බවද මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ.

75 හැවිරිදි වියේ පසුවන සල්මාන් රෂ්ඩි ට ඔහු විසින් රචනා කරන ද විවාදිත ග්‍රන්ථයක් වන සැටනික් වර්සස් ග්‍රන්ථය හේතුවෙන් 1988 සිට ඉස්ලාම් අන්තවාදීන්ගෙන් දැඩි මරණ තර්ජන එල්ල වී ඇති අතර ඉරානය ඔහුට මරණ දඬුවමද නියම කර තිබිණි. කාලයක් රහසිගත ජීවිතයක් ගත කළ රෂ්ඩි පසුව රචනා කළ ග්‍රන්ථ සමඟ යලි කළ එලි බැස්ස අතර ඔහුගේ කෘතීන් ලෝකයේ  වැඩිම පිටපත් අලෙවි වන ග්‍රන්ථ කර්තෘවරයකු ලෙස නමක් දිනාගෙන සිටියෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සල්මාන් රෂ්ඩි ඊයේ නිව්යෝර්ක් නුවර දේශන සැසියකට සහභාගී වෙමින් සිටියදී ඔහු රැඳි සිටි වේදිකා මතට හදිසියේ කඩ වැදුණු තරුණයකු දරුණු ප්‍රහාරයක් රෂිඩ් වෙත එල්ල කළ අතර එය වළක්වා ගැනීමට අවට සිටි අයටද දඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත. මෙම ප්‍රහාරය සිදු කළ ඇති පුද්ගලයා ඇමෙරිකාවේ නිව් ජර්සි හි දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හදි මාතාර් නම් 24 හැවිරිදි තරුණයෙකි. ඔහු රෂ්ඩිට මෙම ප්‍රහාරය එල්ල කළේ ඇයිද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැත.


Exit mobile version