විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචි කිරීම ලබන මස පළමු සතියේ ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි.
මෙසේ ලියා පදිංචිය ආරම්භ කරනු ලබන්නේ වසර 2020 අධ්‍යනය වර්ෂයට අදාල කඩඉම් ලකුණු මතය.
එක් එක් විශ්වවිද්‍යාල මට්ටමින් එය සිදු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පැවසීය.
උපාධි පාඨමාලාව සදහා මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් 41,000 කට වැඩි සංඛ්‍යාවක් තෝරා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරයි.