සරණාගතයෙකු ලෙස ඉන්දියාවට ගිය තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්…පොලිසිය ඔහුත් මිතුරාත් අත්අඩංගුවට ගනියි

දිනසේන රතුගමගේ

මන්නාරම හා ඉන්දියාව අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කරන තරුණයෙකු සරණාගතයකු ලෙස ඉන්දියාවට යමින් සිටියදී ධනුස්කොඩි පොලිසිය විසින් 9 දා අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු මීට පෙර ඉන්දියාවේ සිටින මිතුරෙකුට මත්ද්‍රව්‍ය තොගයක් ලබා දී ඇති නමුත් ඒ වෙනුවෙන් ඔහුට ලැබිය යුතු ශ්‍රී ලංකාවේ රුපියල් ලක්ෂ විසිතුනක මුදලක් නොලැබීම නිසා ඔහු ඉන්දියාවට පලාගොස් ඇත්තේ මිතුරාගෙන් මුදල් ලබා ගැනීම පිණිසය.

තමන් සරණාගතභාවය ලැබීමට යන බව පවසා  යාපනයේ ධීවර බෝට්ටුවකට රුපියල් ලක්ෂයක  මුදලක් ගෙවා  ඔහු ඉන්දියාවට යමින් සිටින විට ඉන්දියාවේ සිටින මිතුරා ඔහු පිළිබඳ ධනුස්කොඩි පොලිසියට තොරතුරු දීමෙන් පසුව ඔහුව  අත්අඩංගුවට ගෙන තිබේ.

ධනුස්කොඩි පොලිසිය මොහුගෙන් ප්‍රශ්න කරගෙන යන අතර  ඔහුගේ මිතුරාද මේ වන විට මත්ද්‍රව්‍ය චෝදනාවන් මත ධනුස්කොඩි පොලිසිය  විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දෙදෙනා එක්ව කාලයක් තිස්සේ මන්නාරම හා ඉන්දියාව අතර මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් ඇති බවට ධනුස්කොඩි පොලිසිය විසින්  තොරතුරු අනාවරණය  කරගෙන තිබේ.

Exit mobile version