සරණාගතභාවය ඉල්ලා ඉන්දියාවට ගිය යාපනයේ තරුණයෙක් ස්ත්‍රී දූෂණ චෝදනාවකට පොලිස් අත්අඩංගුවේ සිටියදී සිය දිවි නසා ගන්න හදලා…

 

දිනසේන රතුගමගේ

යාපනයේ සිට තමිල්නාඩුවට ගොස් සරණාගතභාවය ඉල්ලා සිටි තරුණයෙකු ස්ත්‍රී දූෂණ චෝදනාවක් මත ඊයේ (12) අත්ඩඅංගුවට ගෙන  තමිල්නාඩුවේ ඉත්තයාපුරම් පොලිස් ස්ථානය තුළ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිය දී  කතුරකින් සිය ගෙළ කපාගෙන සියදිවි හානි කර   උත්සහ කර ඇතැයි වාර්තා වේ. 

තරුණයා විසින් ඉත්තයාපුරම් පලනි ගම්මානයේ තරුණියක් දූෂණය කළ බවට ලද පැමිණිල්ලකට  අනුව ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්රශ්න කරමින් සිටි අවස්ථාවේදී ඔහු පොලිසියේ මේසයක්  මත තිබූ කතුරක් රැගෙන ගෙළට ඇනගෙන තිබේ.

මේ අවස්ථාවේදී තුවාල ලැබූ ඔහුව සිහි මූර්ජා ගතියෙන් තූත්තුකුඩිය රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර මේ වන විට ඔහු සිහිය ලබමින් සිටින බව ඉන්දීය පුවත් මගින් වාර්තා කොට තිබේ.

යාපනයේ සිටි මෙම තරුණයා චිත්‍ර ශිල්පියෙකු වශයෙන් රැකියාව කොට ඇති අතර ඔහු තමිල්නාඩුවේ පලනි ගම්මානයට ගොස් එහි
කෝවිලක චිත්‍ර අදිමින් සිටියදී ඔහුට මෙම තරුණිය හමු වී තිබේ.


දින කීපයකින් පෙම්වතුන් බවට පත් වූ ඔවුන් දෙදෙනා පෙම් බස් දොඩද්දී තරුණිය සිය රුව චිත්රයට නගා දෙන ලෙස තරුණයාගෙන් ඉල්ලා තිබේ.

චිත්‍රයඳී සදහා නිවසකට ගිය අවස්ථාවේදී තරුණයා විසින් තරුණියව දූෂණය  කොට ඇති අතර පිළිබඳව ඇගේ දෙමව්පියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය ඔහුව  අත් අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉත්තයාපුරම් පොලිසිය සිද්ධිය  සම්බන්ධයෙන් පරීක්ෂණ  පවත්වා ගෙන යයි.

Exit mobile version