සයිනොවැක්ස් චීන එන්නත ලංකාවේ නිශ්පාදනය ඉදිරි මාස දෙක ඇතුළත…

Sinovac

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනයේ සයිනොවැක් කොරෝනා එන්නත ඉදිරි මාස දෙකේදී මෙරටදීම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

චීන -ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙස මෙය නිෂ්පාදනය කරන බවද ඇමතිවරයා පවසා ඇත .

සයිනොවැක්ස් යනු සයිනොවැක්ස් බයෝටෙක් සමාගම විසින් නිපදන චීන එන්නතය. චීනයේ නිශ්පාදනය කරන එන්නත් දෙවර්ගය වන්නේ සයිනොවැක්ස් හා සයිනොෆාම් ය.

සයිනොවැක්ස් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තවමත් භාවිතාය සඳහා අනුමැතිය ලබා දී නැති නමුත් එය ලොව පුරා රටවල් 45 ක් අනුමත කර භාවිතා කර ඇති බව තායි ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය (FDA) දක්වා ඇත. මෙම එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය අද (26)දින ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව මීට දින තුනකට පෙර විදේශ මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යක්ෂමතා සීමාව ඉක්මවා යන අතර එය ආසාදනවලට එරෙහිව 50% ක කාර්යක්ෂමතා අනුපාතයක් ඇති බව සොයා ගෙන ඇතැයි ද එන්නතට 100% කින් මරණ වැළැක්විය හැකි යැයි ද, දරුණු රෝග ලක්ෂණ වලින් රෝහල් ගත කිරීම 77.9% කින් අඩුවනු ඇතැයි බැංකොක් පෝස්ට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ අතර සයිනොපාම් එන්නතේ මාත්‍රා ලක්ෂ විස්සක් ලබන ජූනි මාසයේ දී දිවයිනට ලැබීමට නියමිතය.

Exit mobile version