සමාව ඉල්ලා ජනපතිට යවන ලියුමට රන්ජන් අත්සන් තබයි….

ranjan-ramanayake

තමන්ට සමාව දෙන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක  විසින් ජනාධිපතිවරයාට යවන ලිපියට අද ඔහු අත්සන් තැබූ බව ඔහුගේ නීතිඥවරයෙක් වන දිනේෂ් විදාන පතිරණ අද මාධ්‍යයට පැවසුවේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ඔහු වසර හතරක බරපතල වැඩ ඇතිව සිරදඬුවමකට යටත්ව සිටී.

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් පසුගිය දා ප්‍රකාශ කළේ රන්ජන් රාමානායක සිදුකර ඇත්තේ මිනී මැරුම් හෝ වෙනත් අපරාධ වරදක් නොව අධිකරණයට අපහාස කිරීමේ වරදක් බැවින් ඔහුට  සමාව ලබා දීම අධිකරණ පද්ධතිය අවතක්සේරු නොවන අකාරයට සිදුවිය යුතු බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සඳහා මුලින්ම ඔහු අධිකරණයෙන් සමාව ගත යුතු බවට තමන් නිර්දේශ කළ බව ද අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පැවසුවේය.


Exit mobile version