සමාජ සේවකයෙක් ලෙස ප්‍රකට යාපනයේ ප්‍රභාකරන් ලන්ඩනයේ දී අමානුෂික ලෙස ඝාතනය කරලා!

දිනසේන රතුගමගේ –

යාපනයෙන් ලන්ඩනයට ගොස් එහි ජීවත් වූ පුද්ගලයෙකුව අමානුෂික අන්දමට ඝාතනය කොට  ඔහුගේ මළ සිරුර ලන්ඩනයේ හැරෝ ප්‍රදේශයේ පාලු ස්ථානයක දමා ගොස් තිබියදී 18 දා  පොලිසියට හමු වී තිබේ.

කන්දසාමි ප්‍රභාකරන් නැමති මොහු  අවුරුදු 42ක්  වයස  තිදරු පියෙකු වන අතර ඔහු සිය පවුල සමග ලන්ඩනයේ ජීවත් වෙමින් ව්‍යාපාරික කටයුතු හා සමාජ සේවා කටයුතු කරගෙන ගොස් තිබේ.

යාපනයේ චාවාකච්චේරී සරසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු මීට  වසර අටකට පමණ ඉහතදී ලන්ඩනයට ගොස් ඇති අතර ඔහු මියගිය ආකාරය හෝ ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත,

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලන්ඩනයේ හැරෝ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ  පවත්වා ගෙන යයි.


 

 

Exit mobile version