සමාජ ආරක්ෂණය සඳහා ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් ණයක් ගන්න යයි!

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා ණයක් ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සමඟ සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව කැමැත්ත පළ කර ඇති බව රජය ප්‍රකාශ කර ඇත.

තෝරාගත් ප්‍රතිලාභී පවුල් සඳහා මුල්‍ය සහන, දරිද්‍රතාවයෙන් පෙළෙන සහ විපතට පත් පුද්ගලයන් සඳහා අවස්ථා වැඩි කිරීම සහ රට තුළ සමාජ ආරක්ෂාව ශක්තිමත් කිරීම යන ප්‍රධාන කරුණු තුනක් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ සඳහා අවශ්‍ය ණය මුදල ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සමඟ සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යවරයා කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


Exit mobile version