සමාගම්වලට බදු සහන දී කොවිඩ් අස්සේ සීනිවලට ඩොලර් දිය කළ හැටි මහ බැංකුව කියයි..

මේ වසරේ ජූනිවල පමණක් රස කැවිලි සහ සිනි ගෙන්වන්න ඇමරිකානු ඩොලර් මිලියන  23.8ක් වැය කරලා... සීයට 84.4 ක වැඩි වීමක්..

ලලිත් චාමින්ද –

මෙම වර්ෂයේ ජුනි මාසයේ  සීනි හා රසකැවිලි ආනයනය කිරිම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන  23.8ක් වැයවි  ඇති අතර එය ඉකුත් වර්ෂයේ (2020) ජුනි මාසයට  සාපේක්ෂව    සියයට  84.4කින් වැඩිවිමක්   බැව්  ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි.

2020 වර්ෂයේ ජුනි මාසයේ  සීනි හා රසකැවිලි ආනයනය කිරිම සදහා ඩොලර්මිලියන 12.9ක් වැයවි ඇත. එමෙන්ම  2020 වර්ෂයේ ජනවාරි මාසයේ සිට  ජුනි මාසය  දක්වා  සීනි හා රසකැවිලි ආනයනය කිරිම සඳහා  ඇමරිකානු ඩොලර් මිලියන 116.4ක් වැයවි ඇත. 

මෙම වර්ෂයේ (2021) එම කාර්තුව තුල සීනි හා රසකැවිලි ගෙන්විම සදහා වැයවි ඇතිමුදල ඩොලර්මිලියන 206.7කි. ඉකුත්  වර්ෂයේ මෙකි කාර්තුවට සාපෙක්ෂව මෙම වර්ෂයේ (2021) මෙම කාර්තුව තුල සීනි ආනනය කිරිම සදහා වැයවි ඇති ඩොලර් මිලියන සංඛ්‍යාව  සියයට 77.6කින් වැඩි වි ඇති බවද ශ්‍රි ලංකා මහබැංකුව පවසයි.


2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ  සීනි ආනයනය සදහා වු විශේෂිත වෙළද භාණ්ඩ බද්ද අඩු කෙරිණි. ඉන්පසු 2020 වර්ෂයේ   සීනි ආනයනය  මෙට්‍රික්ටොන් 682,553 ක් දක්වා සියයට 22.7කින් වැඩිවිය. එහෙත් මෙකි බදු සහනය නම් පාරිභෝගිකයින්ට  නොලැබුණි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ විතරක් නොව 2020 වර්ෂයේ මහබැංකු වාර්තාවට අනුව  රටේ සමස්ත සීනි ඉල්ලුමෙන්  දේශිය සීනි නිෂ්පාදනය සියයට 9ක් විය. මේ  අනුව පැහැදිලිවන්නේ මෙරට පාරිභෝගිකයින්ගේ  සීනි අවශ්‍යතාවයෙන් සියයට 91ක් විදේශිය රටවලින් ආනයනය කිරිමට සිදුවි ඇති බවය.

Exit mobile version