සම්මන්ත්‍රණයක් මැද බයිඩන් මිය ගිය මන්ත්‍රීවරියක් සොයයි… ඇය පැමිණියේ දැයි අසයි…

කුසගින්න පිළිබඳ සම්මන්ත්‍රණයකට එක් වී සිටි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්  මිය ගිය මන්ත්‍රීවරියකගේ නම සඳහන් කර ඇය මේ අවස්ථාවේ එම සම්මන්ත්‍රණයේ සිටිනවා දැයි විමසීම පිළිබඳව ජාත්‍යාන්තර මාධ්‍ය උණුසුම් වාර්තාකරණයක යෙදී සිටිති.

“ජැකී ඔබ මෙහි සිටිනවාද? ජැකී කොහෙද?”. අගෝස්තු 03 වැනිදා රිය අනතුරකින් මොළොව හැර ගිය ජැකී වොලස්කි ගැන ජනාධිපති ජෝ බයිඩන් එසේ විමසුවේය.  ජනාධිපතිවරයාගේ එම විමසීම සම්මන්ත්‍රණයට සහභාගී වී සිටි සියල්ලෝම මවිත කළහ.

සම්මන්ත්‍රණය පැවැත් වූයේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙනි. ජනාධිපති ජෝ බයිඩන් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකි.   ඉන්දියානා කොන්ග්‍රසය නියෝජනය කළ   මන්ත්‍රීවරියක වන ජැකී වොලොර්ස්කී  සම්මන්ත්‍රණය සඳහා අරමුදල් සැපයීම සඳහා වූ   කොන්ග්‍රස් සම අනුග්‍රාහකයන් හතර දෙනාගෙන් කෙනෙකි.

අගෝස්තු මස 03 වැනිදා   ඇය කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු රිය අනතුරකට ලක් වී මෙළොව හැර ගියාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ධවල මන්දිර මාධ්‍ය ලේකම්  Karine Jean-Pierre පසුව පැවසුවේ එම අවස්ථාවේ දී මන්ත්‍රීවරයි ජනාධිපතිවරයාගේ “මනස ඉහළින්ම” සිටි බවයි.

Exit mobile version