සම්පන්දන් අසනීපෙන්… ටී.එන්.ඒ තීන්දු යළිත් කල් යයි.

sampanthan

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්  හදිසියේම යළිත් අසනීප වීම නිසා මේ සතියේදී එම පක්ෂය විසින් ගැනීමට තිබූ තීරණ ගැනීම නවතා දමා තිබේ.

වෛද්‍ය උපදෙස් මත  දෙමළ ජාතික සන්ධානයේ නායකයාට විවේකීව දින කීපයක් ප්‍රතිකාර ගැනීමට සිදුව ඇති නිසා පක්ෂයේ කටයුතු මෙහෙයැවීම මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා වෙත බාර දී තිබේ.

දෙමළ ජාතික සන්ධානය විසින් පසුගිය මාසයේ අගදී කොළඹදී පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදී ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම මේ සතියට නියමිත්ව තිබුණි.


ඒ අතර ප්‍රධාන තැනක් ගෙන තිබුණේ දෙමළ ජාතික සන්ධානය සඳහා ප්‍රකාශකවරයෙකු පත් කිරීම හා ජාතික සංවිධායකවරයෙකු පත් කිරීමය.

ඒ සදහා පසුගිය 22 දා තවත් සාකච්ඡාවක් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් සම්බන්ධන් මන්ත්‍රීවරයා  හදිසියේම අසනීප වීම නිසා එම සාකච්ඡාව  එදින අත්හිටුවා මේ සතියේදී පැවැත්වීමට තීරණය කොට තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ අසනීප තත්ත්වය වැඩි වීම නිසා මේ සතියේ දෙමළ ජාතික සන්ධානයේ තීන්දු තීරණ ගන්නා සාකච්ඡා  දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

Exit mobile version