සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තුව අද මැ.කො.ට

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති අතර මෙම මන්ත්‍රිවරුන්ගේ නම් අද දින මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කෙරෙනු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රි ධුර සම්බන්ධයෙන් එම පක්ෂයට සම්බන්ධ සියලුම දේශපාලන පක්ෂ සහ නායකයින් සමඟ එක්ව අවසන් එකඟතාවකට පැමිණි බවත් සියලු දෙනාම අවබෝධයෙන් යුතුව ඉදිරි කටයුතු සිදු කිරීමට සූදානමින් සිටින බවත් ලංකාසරට අදහස් දැක්වූ පක්ෂ ප්‍රකාශකයෙක් ලංකාසර ට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම පක්ෂයට ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර හතක් ලැබී ඇති අතර ඒ අනුව පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , මයන්ත දිසායානයක සහ ඩයනා ගමගේ ඒ අනුව පත් වීමට නියමිත බව මෙම පක්ස ආරංචි මාර්ග පබසයි.


Exit mobile version