සපුගස්කන්ද ජනවාරි 03 සිට යළිත් වසා දමයි!

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 2022 ජනවාරි 3 වැනිදා සිට වසා තැබෙන බව බලශක්ති අමාත්‍යාංශය අද (30) නිවේදනය කළේය.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් බොරතෙල් ලබාගැනීමේදී මතුව ඇති ගැටලු නිසා   තෙල් පිරිපහදුව වසා දමන බවයි.

අවශ්‍ය බොරතෙල් සැපයුම් ලැබීමෙන් පසු 2022 ජනවාරි 30 ට පෙර සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ආරම්භ කිරීම පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සොයා බලන බව අමාත්‍යාංශය පවසයි.


මේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බවට බලශක්ති අමාත්‍යාංශය සහතික වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශ විනිමය අර්බුදය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව මීට පෙර 2021 නොවැම්බර් මාසයේදී දින 50ක කාලයක් වසා දමා තිබුණි.

Exit mobile version