සඳුදා දින සිට රජයේ සියලුම පාසල් දින 05ම විවෘතයි…

කොවිඩ් ලක්ෂණ ඇතිනම් දරුවන් පාසල් නොඑවන්නැයි සෞඛ්‍ය අංශ කියයි...

ලබන සඳුදා (15) සිට   රජයේ සියලු පාසල් හා රජයේ අනුමත පාසල්  සතියේ දින 05 පුරාම සාමාන්‍ය වෙලාවන් තුළ දී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව සතියේ දින පහම පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් පැවැත්වේ. ඉන්ධන සැපයුම් යම් ආකාරයක නිරාකරණය වීමත් සමග රජය මෙම තීරණය ගෙන ඇත. ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශව පාසල් සඳහා ගුරුවරුන්, දෙමව්පියන් විදුලහල්පතිවරුන් සමග එක්ව  සුදුසු වැඩපිළි‍වෙළක් දියත් කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී  ඇත.

ඒ බව දැනුම්වත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා අංශය දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන්නේ කොවිඩ් රෝග ලක්ෂණ යන්තමින් හෝ ඇතිනම් දරුවන් පාසල් නොඑවන ලෙසය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව ඇතැම්විට කොවිඩ් රෝග ලක්ෂණයක් විය හැකි බැවින් එවැනි ලක්ෂණ මතුව තිබේ නම් දරුවන් පාසල් නෙඑවන්නැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ කියයි.

 

Exit mobile version