සති දෙකක් තුළ දෙවැනි වරටත් පොලිසිය අධිකරණය ඉදිරියේ සිවිල් වැසියන්ගෙන් වැඳ නමස්කාරකර සමාව ගනී… ගියවර සැරයන් කෙනෙක්… අද අයි.පී කෙනෙක්…

මෙැවනි තීන්දු ලබා දෙන්න වීමත් කණගාටුවට කරුණක්... පොලිස් නිල ඇඳුමත් හැඳුනුම්පතත් තිබූ පමණින් හැම දෙයක්ම පොලිසියට කරන්න පුලුවන් කියලා හිතන්න එපා... විනිසුරු මඩුල්ල පොලිසියට අවවාද කරයි!

සති දෙකක් තුළ දෙවැනි වරටත් සිවිල් වැසියන්ගෙන් අධිකරණය ඉදිරියේ වැඳ සමාව ගැනීමට පොලිසියට සිදුවූයේය.

මින් සති දෙකකට පෙර අධිකරණය ඉදිරියේ නාරාහේන්පිට පොලිස් ස්ථානයේ  පොලිස් සැරයන්වරයෙක් ඇතුළු පොලිස්  නිලධාරීන් තුන් දෙනෙක්   සිවිල් වැසියෙකුට වැඳ නමස්කාර කර සමාව ගත්තේය.   අනතුරුව දෙවැනි සිද්ධිය ලෙස අද (01) අධිකරණය ඉදිරියේ සිවිල් වැසියන් තිදෙනෙකුට වැඳ සමාව ගන්නේ කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂවරයෙකි.

සිද්ධීය සම්බන්ධව අධිකරණයේ ගොනුවූ පැමිණිල්ලේ කියැවුනේ  වර්ෂ 2021 වසරේ දී කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි චූදිත උප පොලිස් පරික්ෂකවරයා එක්තරා පුද්ගලික ආයතනයක් තුළ අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පැවැත්වෙමින් ඇති අවස්ථාවක  සිවිල් ඇඳුමින් සැරසී ගිනි අවියක් ද අතැතිව තවත් පොලිස් නිලධාරීන් කීප දෙනෙක් සමග එම පුද්ගලික ආයතනට අයුතු ලෙස  කඩා වැදුන බවය.

ඉන් පසු විනය පරීක්ෂණය පවත්වමින් සිටි නීතිඥවරයාටත්, එම ආයතනයේ මානව සම්පත් කළමනාකරුට සහ සහකාර මානව සම්පත් කළමණාකරුටත් මරණ තර්ජන එල්ල කරමින් අයුතු ලෙස හැසිරී ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය මෙම උප පොලිස් පරික්ෂවරයා වගඋත්තරකරු කිමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කර තිබිණි. පෙත්සම මොහොමඩ් ලෆාර් සහ කේ.කේ. ඒ.වී ස්වර්ණාධිපති යන  විනිසුරු මඩුල්ල හමුවේ විභාග වූයේය.

අදාල පෙත්සම අද (01) විභාගයට ගැනුණු අවස්ථාවේ දී අගතියට පත් පාර්ශවයෙන් සංහල ක්‍රමයට  වැඳ අචාර කර සමාව ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය උප පොලිස් පරික්ෂකවරයාට නියෝග කළේය.

අදාල උප පොලිස් පරීක්ෂකවරයා අද එසේ සමාව ගත්තේ නීතිඥ මියුරු ඉගලහේවා සහ අදාල පුද්ගලික ආයතනයේ මානව සම්පත් කළමනාකරු සහ සහකාර මානව සම්පත් කළමනාකරුගෙනි.

අධිකරණයෙන් පොලිසියට දැනෙන සුළු අවවාදයක්

තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය පොලිසියට දැනෙන සුළු පණිවිඩයක් ලබා දුන්නේය. විනිසුරු මඩුල්ල අවධාරණය කර සිටියේ මෙම තීන්දුව පොලිසියට කරන අපහාසයක් නොවන බවත් මෙවැනි තීන්දුවක් ලබාදීමට සිදුවීම කණගාටුවට කරුණක් බවත්ය.

පොලිස් නිලධාරීන් රාජකාරි කටයුතු කිරිමේ දී පොලිස් රෙගුලාසි, නීති රීති අනුව කටයුතු කළ යුතු බවත් පොලිස් නිල ඇඳුම සහ නිල හැඳුනුම්පත ඇතනම් අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකිය යන මානසිකත්වයෙන් පොලිසිය ඉවත් විය යුතු බවත් විනිසුරුවරු අවධාරණය කළහ.

මෙවැනි තත්ත්වයන් තුළ  පොලිස් දෙපාර්තමේන්තුව විෂයෙහි ජනතා විශ්වාසය බිඳවැටී ඇති ආකාරය පෙන්වා දුන් අධිකරණය ජනතාවට මූලික අයිතිවාසිකම්   ඇති බවත්, එම අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත්  කීවේය. විනිසුරු මඩුල්ල පෙන්වා දුනනේ  අගතියට පත්  පාර්ශවය මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේ නම් සිද්ධිය සම්බන්ධව වන්දි ලබා ගැනීමට පවා හැකියාව තිබූ තිබූ බවය.

මෙවැනි තතත්ත්ව ඇති වන්නේ අනවශ්‍ය ලෙස බලය පාවිච්චි කිරීම නිසා බව කී විනිසුරුවරු  පොලිස් නිලධාරීන් රාජකාරි කටයුතු සහ වැටලීම්වලට යෑමේදී නිල ඇඳුම සහ නිල හැඳුනුම්පත පාවිච්චි නොකරන්නේ නම්   එම වැටලිම් නිල රාජකාරි වැටලීම් නොව පාතාල වැටලීම් ලෙස මිනිසුන් අර්ථකථනය කරගන්නා බව පෙන්වා දි   රටේ රාජ්‍ය නිලධාරීන් ඒ ආකාරයට ක්‍රියා නොකළ යුතු බවට අවවාද  කළේය.

පැමිණිල්ලක් ලද පමණින් වැටලීම් නොකර කරුණු සොයා බලා පරික්ෂණ කටයුතු මෙහෙයවිය යුතු බවට  අවවාද කළ විනිසුරු මඩුල්ල මේ සිද්ධිය සම්බන්ධව අදාල පුද්ගලික ආයතනයේ ආරක්ෂක  නිලධාරීන්ගෙන්  කරුණු විමසීමේ හැකියාව තිබී ඇති බව ද කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නැවත මෙවැනි ආකාරයෙන් කටයුතු නොකරන ලෙස උප පොලිස් පරීක්ෂකවරයාට අවවාද කළ විනිසුරු මඩුල්ල අගතියට පත් පාර්ශවයෙන්  සිංහල ක්‍රමයට වැඳ ආචාරකර සමාව ගන්නා ලෙස  නියෝග කළේය.

 

 

Exit mobile version