සති දෙකක් තුළ ගාල්ලේ පාසල් දරු දැරියන් 36කට කොවිඩ්

ලලිත් චාමින්ද –

 පෙබරවාරි මස 01 වැනිදා සිට මේ දක්වා කාලය  තුළදි ගාල්ල දිස්ත්‍රික්කයේ  පාසල් සිසු දරු දැරියන්  36 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි  පවසයි.

 මෙම කාලය තුළ පාසල් 24 ක දරු දැරියන් 36 දෙනෙකුට  කොරෝනා වෛරසය ආසානය වි ඇති බවද  ඔහු පවසයි.  මෙම දරු දැරියන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස  සිසු දරු දැරියන් 47 දෙනෙකු හදුනාගෙන ඔවුන් නිරෝධායනය කිරීමට කටයුතු කරඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා කියයි. මින් පාසල් දරු දැරියන්  අති බහුතරයක්  පවුලේ ඥාතියෙකුට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටියදි කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද  ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙවැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළදි  ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 55ක පාසල් දරු දැරියන් 111 දෙනෙකුට හා ගුරුවරු 03 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.  


Exit mobile version