සතිපතා රැස්වන ආර්ථික සභාවේ සංයුතිය ප්‍රකාශයට පත් වේ…

ඊයේ ජනාධිපතිවරයා විසින් යෝජනා කළ ආර්ථික සභාවේ සංයුතිය ප්‍රකාශයට පත් වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,  අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මූලිකත්වයෙන්  යුතු ආර්ථික සභාවට  මහාමාර්ග ඇමති ජොන්සටන් ප්‍රනාන්දු, කෘෂිකර්ම ඇමති මහින්දානන් අලුත්ගමගේ වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන නම් කර තිබේ.

මීට අමතරව මුදල් අමාත්‍යාංශ ලේකම්, මහබැංකු අධිපති හා නියෝජ්‍ය අධිපති එම සභාවට නම් කර ඇත.


දේශීය ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ ව වඩාත් ගැඹුරින් සාකච්ඡා කර සමස්ත ආර්ථික කළමනාකරණය සිදු කිරීම මගින් මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම අරමුණු කරගෙන ”ආර්ථික සභාව සතිපතා කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව එම සභාවේ උපදෙස් හා මග පෙන්වීම් අනුව අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන විසින් අවශ්‍ය අවස්ථාවල දී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමටත්, ආර්ථික සභාවේ රැස්වීම සඳහා අවශ්‍ය පරිදි එක් එක් ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික විද්වතුන් කැඳවීමටත් ජනපති විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

Exit mobile version