සත්තුවත්තේ සිද්ධියට පශු වෛද්‍යවරු වෘත්තීය ක්‍රියා මාර්ගයකට සැරසෙති!

දෙහිවල  සත්ත්වෝද්‍යානයේ මතුව ඇති අර්බුදයට සතියක් තුළ විසඳුම් ලබා නුදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ පශු වෛද්‍ය නිලධාරීවරන්ගේ සංගමය පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් ඊයේ (23)  නිවේදනය කළේය.

පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය එච්.එච්.ඒ.එස් පියසිරි සහ ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ ප්‍රධානත්වයෙන් මෙම පුවත්පත් සාකච්ඡාව කැඳවා තිබිණි.

මේ වනවිට දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ දින 14කට සිය සේවයෙන් ඉවත් වී  සිටින්නීය.


ඒ අතර දෙහිවල සත්වෝද්‍යානයේ කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකර පවත්නා අවදානම් වාතාවරණය ඉවත්කර ගැනීමට ඉඩ ලබා දීම සඳහාය.

පසුගිය දා දෙහිවල සත්ත්වෝද්‍යානයේ සේවක පිරිස උද්ඝෝෂණයක නිරත වූ අතර එහි දී සතුන්ට කෑම ලබා දීම ප්‍රතික්ෂේප කිරීම,  සතුන් සඳහා වතුර සපයන ජල මාර්ග අවහිර කිරීම, සතුන්ගේ මැදිරිවල ඉබි යතුරු වෙනස් කිරීම වැනි සිදුවීම් ගණනාවක් සම්බන්ධව වර්ජකයන්ට චෝදනා එල්ල විය.

කියවන්න…

දෙහිවල සත්තුවත්තේ වර්ජකයන් සත්තුටික ප්‍රාණ ඇපයට අරන් … වතුර විසන්ධි කර කුටි ලොක් කරලා…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොහොට්ටු  නිළියට හම්බන්තොට දී “සිංහ සැපක්“!

 

Exit mobile version