සත්තුවත්තෙන් අතුරුදහන් වූ නිල් මාලගිරවා හමුවේ….

මාස 08කට පෙර    දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් අතුරුදන්ව සිටි නිල් මාල ගිරවා  හමුවී තිබේ.

දෙහිවල සත්වෝද්‍යානය පැවසුවේ කළුබෝවිල ප්‍රදේශයේ අඹුසැමි යුවළක්  ඊයේ (28) සවස මෙම ගිරවා සොයාගෙන සත්වෝද්‍යානයට භාර දුන් බවය.

ගිරවා   පියාසර කර සිය නිවසට පැමිණි බවත්    කුරුල්ලා සොයා කිසිවකු නොපැමිණි නිසා තමන්  විසින් එම සත්ත්වයාට රැකවරණය ලබා දුන් බවත් එම යුවල පවසා තිබේ.


ෙකෙසේ වෙතත් අතුරුදන් වූ ගිරවා පිළිබඳ පුවත් මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමඟ එම ගිරවා අතුරුදන් වූ ගිරවා විය හැකි බවට නිවෙස් හිමියෝ සැක පළ කර දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනවිත් භාර දී ඇත.

පසුව සත්වෝද්‍යානයේ නිලධාරීන් ඒ තම අතුරුදන් වූ නිල් ගිරවා ලෙස හඳුනාගෙන ඇත.

මේ අතර, 2021 සැප්තැම්බර් මාසයේ සිට සත්වෝද්‍යානයෙන් අතුරුදන් වූ බවට වාර්තා වූ මැකෝ ගිරවෙක් ද සොයාගෙන තිබේ.

සත්වෝද්‍යාන සේවකයෙකු විසින් කූඩුව විවෘත කරන විට නිල් මැකෝ කුරුල්ලා කූඩුවෙන් පියඹා  ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බදාදා දිනයේදී රත්මලාන ප්‍රදේශයෙන් මෙම ගිරවා හමු වී තිබේ. ගිරවා  සිටි නිවසේ පුද්ගලයින් මාධ්‍යය වෙත ප්‍රකාශ කර තිබුණේ සත්ත්වෝද්‍යාන සේවකයින් සහ පොලිසිය පැමිණ බලහත්කාරයෙන් එම ගිරවා රැගෙන ගිය බවය.

Exit mobile version