සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහතික නිකුත් කිරීම ප්‍රමාද කිරීම නිසා බිත්තර ආනයනය අවුලක… ආසි

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු විසින් ආනයනික බිත්තර වෙළෙඳපලට නිකුත් කිරීමේ   සහතිකය ලබා දීමට දින 10කට ආසන්න  කාලයක් ලබා ගැනීම හේතුවෙන්  බිත්තර ආනයන වැඩපිළිවෙළ දැඩි අර්බුදයකට ලක් වී  රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසයි.

මේ තත්ත්වය තුළ බිත්තර වෙළෙඳපලට නිකුත් කිරීමේ අභිලාෂයන් මෙන්ම ආනයනික සැලසුම් ද අවුලෙන් අවුලට ගමන් කර ඇතැයි ඔහු කියයි.

“මේ වෙනකොට අපි අසීරුතාවයකට පත්වෙලා තියෙනවා බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන්. “

“19 වනදා ලංකාවට ආපු බිත්තර නැවේ සාපම්පල අපි භාරදීලා තියෙනවා. එහි සාම්පල වාර්තාව අපි බලාපොරාත්තු වුණා සඳුදා දිනයේ ලැබෙයි කියලා. නමුත් අපි සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවෙන් හොයලා බලද්දි ඔවුන් අපිට කියා සිටියා එම වාර්තාවන් අපිට ලබාදීමට හැකියාව ලැබෙන්නේ සිකුරාදා දිනයේ බව.”


“මේ අනුව අපට හැඟී ගිහින් තියෙනවා උපරිම වශයෙන් දින 10ක පමණ කාලයක් මොවුන් මේ සඳහා ලබාගන්නා බව. මේ එක්ක අපි දැඩි අපහසුතාවයට පත්වෙලා තියෙනවා වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම තව බිත්තර මිලියන 05කට ආසන්න ප්‍රමාණයක් ආනයනට ඇනවුම් ලබා දීලා තියනවා”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආසිරි වලිසුන්දර පැවසුවේය.

Exit mobile version