සත්කාර කළ පුතාට කොරෝනා…මවගේ අවසන් කටයුතු නිරෝධායන නීති  යටතේ..

මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු –

රාගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී  මිය ගිය මවකගේ  උපස්ථාන කටයුතු සඳහා මැදිහත් වූ පුතා කොරෝනා ආසාදිතයෙක් බව තහවුරු වීම නිසා එම මවගේ  අවසන් කටයුතු ජාත්‍යන්තර කොරෝනා නිරෝධායන නීතිවලට අනුව කිරීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබේ.

වාර්තාවන අයුරින් කතාව මෙසේය.

කොටදෙනියාව ප්‍රදේශයේ ජීවත් වූ එම මව මීට දින කිහිපයකට පෙර  යම් රෝගී තත්වයකට  ප්‍රතිකාර ගැනීම සඳහා  රාගම රෝහලට ඇතුළත් කර ඇත.


ප්‍රතිකාර ගනිමින් සිටින අතර ඇය ඊයේ (29) සවස මිය ගියාය. මූලික පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනතුරුව දේහය නිදහස් කර මල් ශාලාවක් වෙත භාර දෙන ලදී.

මවගේ උපස්ථාන කටයුතු හා දේහය නිදහස් කරගැනීමේ වැඩවලට මැදිහත්ව සිටි පුතා ඒ වනවිට පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දී වාර්තාව අපේක්ෂාවෙන් සිටියේය. එම පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුනේ ඊයේ රාත්‍රියේය. එම ප්‍රතිඵළ  අනුව පුතා කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු විය.

මිය ගිය කාන්තාවගේ පී.සී.ආර්. පරීක්ෂණ රෝහලින් කර තිබුණේ නැත. එහෙත් පුතා ආසාදිතයෙක් වීම නිසා මෙම මරණය කොරෝනා මරණයක් දැයි සැක සහිත බව සෞඛ්‍ය අංශ තීරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව කොවිඩ් ආසාදිත පුතා රෝහල් ගත කර ජාත්‍යාන්තර නිරෝධායන නීති වලට යටත්ව මවගේ අදාහන කටයුතු අද (30) කොටදෙනියාව ආදාහනාගාරයේ දී කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.

 

Exit mobile version