සජබ විශ්වාසභංගය කතානායකට භාර දෙයි!

විශ්වාසභංග යෝජනාව මීට ස්වල්ප වෙලාවකට පෙර  සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට භාර දී තිබේ.

ජාතික එකඟතා ආණ්ඩුවකට  කොන්දේසි සහිතව කැමැත්ත පලකිරීම නිසා විමල් වීරවංශ, උදය ගම්මන්පිල ප්‍රමුඛ පක්ෂ 11 දේශපාලන කණ්ඩායම විශ්වාසභංගයට සහාය දීමට කැමැත්ත  පලකිරීමත් කිරීමත් සමග මෙම පියවර ගැනීමට සමගි ජන බලවේගය කටයුතු කර ඇත.

මෙම තින්දුව ගෙන ඇත්තේ අද සමගි ජන බලවේගය හා ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 අතර සාකච්ඡාවෙන් අනතුරුවය.

ඒ අනුව විශ්වාස භංගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජාතික එකඟතා ආණ්ඩුවක් හැදෙනු ඇති බවත් එය සම්බන්ධව ඉදිරියේ දී වැඩිදුරටත් සාකච්ඡා වනු ඇති බවත් පැවසේ.


එම ජාතික එකඟතා ආණ්ඩුව බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන පක්ෂ නායකයින්ගෙ අනුමැතිය සහිතව ගොඩ නැගෙනු ඇති බවත්, සමගි ජන බලවේගය ඒ සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසි අතර විධායක ජනාධිපතික්‍රමය නිශ්චිත කාලසීමාවක් තුළ අහෝසි කිරීමේ කොන්දේසිය ඇතුළත් බවත් දැනගන්නට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික එකඟතා ආණ්ඩුවේ අගමැතිවරයා සම්බන්ධව තවම තීරණයක් නැති බව පැවසේ. පොහොට්ටුවෙන් ඩලස් ඒ සඳහා ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ නායක බැසිල් රාජපක්ෂ අකමැති වූ බවත් , පොහොට්ටු අගමැති අපේක්ෂකයාගේ වෙනසක් සිදු නොවනු ඇති බවත් ඔහු ඊයේ පවසා තිබිණි.

Exit mobile version