සජබ උද්ඝෝෂණයට එරෙහි අධිකරණ නියෝගයක්…

කොළඹ කොටුව ප්‍රදේශයේ  මහජනතාවගේ සාමාන්‍ය පැවැත්මට බාධාවන ආකාරයෙන්  සිදුකෙරෙන විරෝධතා සහ පෙළපාලිවලට එරෙහිව අද සවස අධිකරණ නියෝගයක් නිකුත් කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර ඇති  එම නියෝගය ප්‍රකාරව  අද පස්වරු 3.00 සිට 6.00 දක්වා කාලය තුළ කොටුව පොලිස් වසමේ එන්.එස්.ඒ වටරවුමේ සිට චෛත්‍යය පාර, සෙරමික් මංසන්ධියේ සිට යෝර්ක් වීදිය, බැංකු මාවත,චැතැම් වීදිය ඇතුළු මාර්ග කිහිපයක් මෙන්ම පදික වේදිකා අවහිර කරමින් උද්ඝෝෂණ පැවැත්වීම සහ ජනතාවට සහ වාහන වලට අවහිර  කිරන  විරෝධතාවලට විරුද්ධව මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නියෝගය පහත දැක්වේ.


Exit mobile version