සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද ක්‍රීඩා වැරදි සොයා බැලීමේ විශේෂ පොලිස් ඒකකය මගින් කැඳවා පැය නමයක් පමණ ප්‍රශ්න කිරීමට ලක් කළ බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඔහුගේ මෙලෙස ප්‍රශ්න කර ඇත්තේ පසුගිය LPL තරගාවලියේ දී කණ්ඩායම් දෙකක ක්‍රීඩකයන් දෙදෙනකුට තරඟ තරග පාවාදීමේ යෝජනාවක් කර ඇති බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කලම්බෝ කිංග්ස් සහ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට මුදලට තරග පාවා දෙන ලෙසට චෝදනා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන කමිටුව මගින් ක්‍රීඩා වැරදි විමර්ශනය කිරීමේ විශේෂ පොලිස් ඒකකය වෙත දන්වා තිබුණි.


ඒ අනුව මෙම පරීක්ෂණයට සහභාගි වීමට පෙර ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට පෙර තුන් වතාවක් ක්‍රීඩා වැරදි ඒකකයේ විමර්ශන මගහරිමින් සිටී සචිත්‍ර සේනානායක අද මෙලෙස පැය නමයක නමයක ප්‍රශ්න කිරීමකට ලක් වූ අතර ඔහු හෙට දිනයේ ද කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතය.

Exit mobile version