සංවර්ධන නිලධාරී උපාධිධාරී භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට

භික්ෂු භික්ෂුණීන් වහන්සේ ගුරුසේවයට පිවිසීම අවශ්‍යයි - අධ්‍යාපන ඇමති

භික්ෂූ – භික්ෂුණීන් වහන්සේලා ගුරු සේවයට ප්‍රවිෂ්ඨවීම   කාලීන අවශ්‍යතාවක්  බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්   ප්‍රකාශ කළේය.

සංවර්ධන නිලධාරී සේවයේ නියුතු උපාධිධාරී භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකා ගුරු සේවයට ඇතුළත් කරගැනීමට අදාළව නිකුත් කරන ලද 2020-01-03 දිනැති අමාත්‍යමණ්ඩල තීරණය අනුව,  උපාධිධාරී භික්ෂූන් වහන්සේලා සහ සිල් මාතාවන්  ඇතුළු 35 දෙනෙකු වෙත ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය  අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රයේ දී ඊයේ (30)  පැවැත්වුනු අවස්ථාවේ  දී ඇමතිවරයා මේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.

නීති දැඩි කිරීමෙන් පමණක් සමාජයක් සංවර්ධනය කළ නොහැකි බවත්, සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇතිකිරීම සඳහා කෙනෙකුගේ කුඩා කල සිට ම පෙරපාසල්, දහම්පාසල්, පිරිවෙන් ඇතුළු ආයතන හරහා කටයුතු කළ යුතු බවත්,  එහිදී භික්ෂුන් වහන්සේ ගුරු සේවයට පැමිණීම ඉතාම වැදගත්  බවත් ඇමතිවරයා කීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහි පළමු අදියර යටතේ භික්ෂූන්වහන්සේලා විසි නමක් වෙත 2020-06-01 දින ගුරුපත්වීම් ලබා දෙන ලද අතර, මෙසේ  ක්‍රියාවට නන්වන ලද්දේ එහි දෙවැනි අදියරය.

Exit mobile version