සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි!

කිමාලි ප්‍රනාන්දු

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි කිර්මාලි ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෙත යොමු කර තිබේ.

නව ඇමතිවරයාට අවශ්‍ය ආකාරයට කළමනාකරණ මණ්ඩලය පත් කරගැනීමට අවශ්‍ය අවකාශ සලසා දීමේ අභිලාෂයෙන් ඇමතිවරයාගේ ඉල්ලීම මත ඇය මෙම තනතුරෙන් ඉල්ලා අස්වන බව   දන්වන සභාපතිනිය පසුගිය මාස 30ක කාලය තුළ තමා මේ රට වෙනුවෙන් සිදුකළේ ගරු සේවයක් බව කියයි.  වැටුප් ගැනීමකින් තොරව, තමන්ගේ පුද්ගලික වාහනය භාවිතා කරමින්, විදේශ ගමන් සඳහා ස්වකීය පුද්ගලික පිරිවැය දරමින් රට වෙනුවෙන් කළ සිය සේවය  පිළිබඳව   ඇය ඇමතිවරයා දැනුම්වත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ වනවිට ආන්දෝලනයට තුඩු දී ඇති කල්පිටිය උච්චිමුනෙයි දූපත ස්විස්ටර්ලන්ත සමාගමකට  බදු දීමේ ගිවිසුම සම්බන්ධව සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය ලෙස ඇයටත් සමාජයෙන්  චෝදනා එල්ල වී ඇත.

Exit mobile version