සංචරණ සීමා දින දෙකකට ඉවත් වෙයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන සඳුදා (21) උදෑසන 4ට ඉවත් කිරීමට තීරණය කර තිබේ.

නැවතත් සංචරණ සීමා පනවනු ලබන්නේ 23වන දා රාත්‍රී 10ට බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  පැවසීය.

එසේ පැනවෙන සංචරණ සීමා 25 වන දා උදෑසන 4 තෙක් ක්‍රියාත්මක වන බව ද ඔහු කියා සිටියේය.

සංචරණ සීමා ලිහිල් කළ කාලය තුළ පළාත් අතර සංචරණය සීමා කිරීම එසේම බලපැවැත්වෙන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මහජන රැස්වීම්, පොදු ස්ථානවල එකතුවීම හා උත්සව පැවැත්වීම ද එම කාලයේ දී තහනම් වන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version