ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් වර්ග කර ඔවුන්ගේ අනාගතය විනාශ නොකරන්න… මනෝ වෛද්‍ය විශේෂ රූමි රූබන්…

ලලිත් චාමින්ද –

ශිෂ්‍යත්ව විභාගයේ ඉහල ප්‍රථිපල ලබාගත් දරුවන් ඇගයිමට ලක්කිරිම මෙන්ම අඩු ප්‍රථිපල ලබාගත් දරුවන්ගේ සිත් නොතැලෙන අයුරින් හා ඔවුන්ගේ ආත්මශක්තිය දුර්වල නොවන අයුරින් කටයුතු කිරිම දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකිමක් බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රූමි රුබන්   පවසයි.

ශිෂ්‍යත්ව ප්‍රථිපල මත පදනම්ව දරුවන් වර්ගිකරනය නොකරණ ලෙසත් . ශිෂ්‍යත්ව විභාගය ළමා කාලයේ දි දරන්න බැරි තරම් පිඩනයක් ගෙන දුන්  විභාගයක් බවද වෛද්‍ය  රූමි රුබන්පෙන්වා දෙයි. මේ පිළිබද අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිවේය.

“ශිෂ්‍යත්ව විභාගය සමාජිය වශයෙන් වැදගත් විභාගයක් වුවත් එහි ප්‍රථිපල මත පදනම්ව දරුවන් වර්ගිකරනය කරන්න එපා.  දක්ෂ හා අදක්ෂ දරුවන් කියලා දරුවන් ගැන හිතන්න එපා. දරුවන්ගේ සිත් තලන්න එපා. අල්ලපු ගෙදර දරුවාගේ ප්‍රථිපල ඥාති දරුවන්ගේ ප්‍රථිපල සංසන්දනය කරලා දරුවන් අධෛර්ය කරන්න එපා. දරුවන් විභාගයට මුහුණ දිලා කරපු කැපවිම අගය කරන්න.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“දරුවන් කුමන ප්‍රථිපල ලබාගත්තද ලබාගත් ප්‍රථිපල අගය කරලා අඩුලුහුඩුකම් හදුනාගෙන අනාගතයේ දි ඔවුන් ගේ අධ්‍යයන කටයුතු සාර්ථක කරගන්න දරුවන් දිරිගන්වන්න. ශිෂ්‍යත්ව විභාගය නිසා පසුගිය කාලයේ දි අතපසු වු දේවල් කිරිමට ළමා මනස යොමුකරන්න. සමාජ කුසලතා හා පෞර්ෂ්‍යත්ව වර්ධනය ඒ දේවල වැදගත්.“  වෛද්‍ය රූමි රුබන්  වැඩිදුරටත් සදහන් කළේය.


Exit mobile version