ශානිට ඇප

Shani-Abesekara

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කළේය.

තමාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශානි අබේසේකර ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා ඔවුන්ව දෑඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

නීතිඥ ගෞරි තවරාසා   මාර්ගයෙන් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කොට තීන්දුව දෙමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත්කර තිබේ.

ඒ අනුව ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය

සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු අතර අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගතවීම ද තහනම් කෙරුණි.


සැකකරුවන් පදිංචිව සිටින ලිපින වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවට ද ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුරෝපා සංගමය විසින් මේ වනවිට සංවාදයට ගෙන ඇති ජී.එස්.පී බදු සහනය ලබාදීමට එරෙහි යෝජනාවේ එක් ප්‍රමුඛ කාරණයක් වී තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරශානි අබේසේකර බන්ධනාගාරගතකර තිබීමය.

Exit mobile version