ශ්‍රී.ල.නි.ප නව නිල මඬුල්ල දළදා වඳිති…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය අද උදේ (30) ශ්‍රී දළදා වහන්සේට මල් පහන් පූජා කර වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගත්හ.

පක්ෂයේ නව ප්‍රතිසංවිධාන ඉලක්ක කරගෙන පසුගිය දා නව නිලධාරී මණ්ඩලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පත් කරගනු ලැබුවේය. පක්ෂ සභාපති  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු ලෙස නිමල් සිරිපාල ද සිල්වා සහ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස,  උප ලේකම් ෆයිසර් මුස්තාපා, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න,  ජාතික සංවිධායක දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සංවිධානයේ මහලේකම්  මහින්ද අමරවීර මෙම විශේෂ තනතුරුවලට පත් වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිරිස දළදා වැඳගෙන මල්වතු අස්ගිරි මා නා හිමිවරු බැහැ දැක නව ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඉදිරිපත් කළහ


 

Exit mobile version