ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සේවකයෝ 900ක් පඩිත් නැතුව ගෙදර යවති

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවයේ සේවකයින් 900 කට ආසන්න සංඛ්‍යාවක් වැටුප් රහිත නිවාඩු යවා තිබේ.

එහි සභාපති අශෝක් පතිරාජ් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් කියා සිටියේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පාඩුලැබීමේ ත්ත්වය මත ගුවන් සේවා කාර්ය මණ්ඩලය අඩු කර ඇති බවයි.

“කෙසේ වෙතත් මෙය ස්ථිරවම ඉවත් කිරීමක් නොවේ. සේවකයින් 900 ක් තාවකාලිකව ඉවත් කළ” බව ඔහු පැවසීය.


ඒ අතර කොන්ත්‍රාත් පදනම මත සේවය කළ කාර්ය මණ්ඩලය 407 කි. අනෙක් 500 දෙනා බාහිර සේවකයන් ඔහු පැවසීය.

“මතුව ඇති තත්වය අප තේරුම් ගත යුතුයි. ගුවන්තොටුපල හිස්ව ඇති මෙම අවස්ථාවේ දී මෙතරම් කාර්ය මණ්ඩලයක් අපට අවශ්‍ය නෑ” පතිරාජ් මහතාට අනුව සේවකයන් අඩු කිරීමෙන් පසුව පවා ශ්‍රී ලංකා ගුවන් සේවය අඛණ්ඩව අතිරික්ත සේවක සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත.

කෙසේ වෙතත්, සියලුම ස්ථිර සේවකයෝ තවදුරටත් සේවයේ නිරත වෙති. “නමුත් වැටුප් අඩු කිරීම් කර තිබෙනවා ” ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා ගුවන් සමාගමට විවිධ අවස්ථාවලදී විශාල පාඩු සිදුවිය. ශ්‍රී ලංකා එයාර් බස් ගනුදෙනුවේදී රු. බිලියන 290ක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 26 කින් පහත වැටුණු අතර සහ අවලංගු කිරීමේ ගාස්තු සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 115 ක් වැය විය. විගණකාධිපති වාර්තාව සහ වැලිඅමුණ වාර්තාව මගින් ගුවන් සේවයේ දූෂණ අනාවරණය විය.

Exit mobile version