ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගාවලිය පූර්ණ එන්නත්කරණය කළ ක්‍රීඩා ලෝලීන්ට පමණයි!

ලබන 16 දා ආරම්භවන  ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින තරගාවලිය නැරඹීමේ අවස්ථාව   පූර්ණ එන්නත්කරණයට ලක් වූ ක්‍රීඩා ලෝලීන් පමණක්  ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.

පූර්ණ එන්නත් කරණයට ලක් වූ ක්‍රීඩා ලෝලීන් තරගය නැරඹීම සඳහා ඇතුළු කරගන්නේ ක්‍රීඩාගාරයේ ධාරිතාවෙන් අඩක් සඳහා පමණක් බවද එම නිවේදනයේ දැක්වේ.

තරගාවලියේ සියලුම තරග පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන  අතර www.srilankacricket.lk  සහ  www.bookmyshow.com වෙබ් අඩවි ඔස්සේ  ප්‍රවේශ පත්‍ර වෙන්කරගත හැකි බව ක්‍රිකට් ආයතනය දන්වයි.


ඊට අමතරව තරග පැවැත්වෙන දිනයන්හි බලගොල්ල අබිතා ක්‍රීඩාංගනයේත්, තගර නොපැත්වෙන දිනවල පල්ලෙකැලේ ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේත් පිහිටුවා ඇති කවුලුවලින්  උදේ 9 සිට සවස 5 දක්වා ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි බව එම නිවේදනයේ දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය මෙසේය.

Exit mobile version