ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂයට ඉන්දියාවෙ සම්බන්ධයක් නෑ…

ප්‍රශ්නය පක්ෂයේ නම නම් භාරතීය වචනය අයින් කරලා ශ්‍රී ලංකා ජනතා පක්ෂය කියලා ලියාපදිංචි කරනවා - වේලුසාමි මුත්තුසාමි

දිනසේන රතුගමගේ –

තමන් විසින් පිහිටුවන ලද පක්ෂයේ නම ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය වූවත් එම පක්ෂයට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය සමග කිසිදු සම්බන්ධතාවයක් නැතැයි නව පක්ෂයේ සභාපති වේලුසාමී මුත්තුසාමී අද10 පැවසීය.

ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂයේ සභාපතිවරයාගෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ තමන්ගේ පක්ෂය කිසිදු ජාති භේදයක් ආගම් භේදයක් හෝ වෙනත් කිසිදු භේදයක් නොමැති පක්ෂයක් බවයි.

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ඉතාම උග්‍ර ජාතිවාදී පක්ෂයක් බව පවසන මුත්තුසාමී සභාපතිවරයා තමන්ට එවැනි පක්ෂයක් බිහිකිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද සඳහන් කළේය.


යම් හෙයකින් තම පක්ෂය ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කිරීමට යාමේදී  භාරතීය යන වචනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් උද්ගත වුවහොත්  පක්ෂයේ සදහන් එම නාමය ඉවත් කොට ශ්‍රී ලංකා ජනතා පක්ෂය ලෙස තමන්ගේ පක්ෂය නම් කරණ බවද ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය දියත් කරමින් එහි ප්‍රතිපත්ති ප්‍රකාශනය යාපනයේදී එළි දැක් වූ අවස්ථාවේද මේ සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න කිරීමක් තිබූ බව පවසූ පක්ෂයේ සභාපතිවරයා පක්ෂයේ නාමය හෝ ලාංඡනය එතරම් ප්‍රශ්නයක් කර නොගත යුතු බවද කියා සිටියේය.

Exit mobile version