ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා  විස්සයි 20 දෙවන එක් දින තරය අද

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන විස්සයි 20 තරගය අද රාත්‍රී 7ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී විදුලි ආලෝකය මධ්‍යයේ ආරම්භ වීමට නියමිතය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු තරගය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරමින් තරගයට අවතීර්ණ වේ. පන්දු යවන්නන්ගේ මෙන්ම පිතිකරුවන්ගේ අවිශ්වාසනීය ක්‍රීඩා විලාශය මුල් තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් ප්‍රකට විය.

බොහෝ විට කුසල් ජනිත් තරගයට සහභාගී නොවනු ඇතැයි පැවසේ. එසේ වුවහොත් තරගාවලියේම මෙතෙක් සමත් ක්‍රීඩකයා වූ භානුක රාජපක්ෂකට තවත් අවස්ථාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.


මහීෂ් තීක්ෂණ වෙනුවට ප්‍රවීන් ජයවික්‍රම හෝ  මෑත ඉතිහාසයේ දැවැන්ත ප්‍රහාරයට ලක් වූ දඟ පන්දු යවන්නාවන අකිල ධනංජය යොදා ගනු ඇතැයි පැවසේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් කාසියේ වාසිය තරගය තීන්දු කරනු ඇතැයි විචාරකයෝ පවසති.

Exit mobile version