ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් මත්ද්‍රව්‍ය චෝදනා පිට රක්ෂිත බන්ධනාගාරයට

සදෙව් රත්නායක –

ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩක ශෙහාන් මධුසංඛ මත්ද්‍රව්‍ය චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 25 හැවිරිදි ශෙහාන් මධුසංඛ පසුගිය ඉරිදා  ඇඳිරි නීතිය පනවා තිබෙන අතරතුර සිය මෝටර් රථය පදවාගෙන යමින් සිටියදී පන්නල, හොරවඩුන්න ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් විසින් නවත්වනු ලැබූ අතර පසුව කළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 2ක් සහ මිලිග්‍රෑම් 700ක් සොයා ගෙන තිබේ. එම අවස්ථාවේ තවත් පුද්ගලයකු ඔහුගේ මෝටර් රථයේ සිටි බවත් ඔහු සන්තකයේ ද හෙරොයින් ග්‍රෑම් 2කුත්, මිලිග්‍රෑම් 810ක් තිබූ බව පන්නල පොලීසිය අනාවරණය කරගෙන තිබිණි.

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (25) ඉදිරිපත් කිරීමෙන් පසුව දෙදෙනා දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වසර 2018 දී බංග්ලාදේශයේ පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ පිල සමග පැවැති සිය පළමු තරගයේදීම කඩුලු ත්‍රිත්වයක්  දවාලීමට සමත්විය. ඉන් පසුව ඔහුට එක්දින කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවූව ද එම වසරේ විස්සයි20 තරග දෙකකට සහභාගිවිය. ආබාධයක් හේතුවෙන් 2018 නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය ද මග හැරී ගිය ශෙහාන් මධුසංඛ කාලෙක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි බව ආරංචි මාර්ග සඳහන් කරයි.


 

Exit mobile version