ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා පුජනී ලියනගේ රිය අනතුරකින් මිය යයි…

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නියෝජනය කළ දක්ෂ පා දඟපන්දු යවන්නියක වන පූජනී ලියනගේ අද කුරුණෑගල කටුපොත අවට දී රිය අනතුරකින් මරුමුවට පත් වූවාය.

ශ්‍රී ලංකා සංචිතයට එක් වෙමින් ඉන් ඉවත් වෙමින් කාලයක් ගතකළ මේ දක්ෂ පා දඟපන්දු යවන්නියට කිසිම අවස්ථාවක ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරන්නට වරම් නැති වුවත් පළාත් මට්ටමේ දී ඇය දැක් වූ දක්ෂතා ක්‍රිඩා ලෝලීන්ගේ අති මහත් පැසසුමට හේතු විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය ගමන් කරමින් සිටි යතුරු පැදිය වෙනත් වාහනයක ගැටීම නිසා බරපතල තුවාල ලද පූජනී අද (15) අවාසනාවන්ත ලෙස මෙලොව හැර යනවිට ඇය 33වන වියෙහි පසුවූවා ය.


Exit mobile version