ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා පිට වාර්තා තැබූ පළමු ගුවන් හමුදාධිපති දිවිසැරිය නිමකරයි

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ දක්ෂ හා කිර්තිමත් ගුවන් හමුදාධිපතිවරයෙකු වු එයාර් චිෆ් මාර්ෂල් පිඑචි මෙන්ඩිස් මහතා අද (18) දින අභවප්‍රාත්ත විය.

අවසන් ගෞරව දැක්විම සදහා දේහය මේ වනවිට ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

දේහය පිළිබද අවසන් කටයුතු හෙට (19) වන දින පස්වරු 2ට ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේදි පුර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරිමට නියමිත ය.


එයාර් චිෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් (පැඩි මෙන්ඩිස්) 1933 වර්ෂයේ ජනවාරි මස 24 වන දින උපත ලැබීය.

ඔහු 1951 වසරේ අගෝස්තු මස 08 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ පස්වන ආධුනික නිළධාරියා ලෙස රාජකිය ලංකා ගුවන් හමුදාවට එක් විය.

අනතුරුව ඔහු මුලික පුහූණුව හා ගුවන් නියමු උපදේශයක පුහුණුව එක්සත් රාජධානිය (United kingdom) ලැබු අතර එවකට බලපංති ලූතිනන් ( Flying lieutenant) පිඑචි මෙන්ඩිස් සුදුසුකමි ලත් පියාසර උපදේශකයකු ලෙස පූහූණුව ලැබු පළමු ශ්‍රි ලාංකිකයා ද විය.

ඉතා දක්ෂ නිළධාරියකු වු එයාර් චිෆ් මාර්ෂල් පිඑචි මෙන්ඩිස් මහතා 1971 වසරේ ජනවාරි මස 01 වන දින රාජකීය ලංකා ගුවන් හමුදවේ සිවිවන ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් පත් විය.

හෙතෙම රාජකීය ලංකා ගුවන් හමුදාවෙන් වෘත්තීය ජිවිතය ආරමිභ කරමින් එම හමුදාවේම ගුවන් හමුදාධිපතිවරයා ලෙස පත්වු පළමු ශ්‍රී ලංකිකයා ද විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂ 1972 දි ශ්‍රි ලංකාව ජනරජයක් විමත් සමග රාජකිය ලංකා ගුවන් හමුදාව ශ්‍රි ලංකා ගුවන් හමුදාව බවට පත්විය. ඒ සමගම ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදා‍ධිපති ලෙස එයාර් චිෆ් මාර්ෂල් පිඑචි මෙන්ඩිස් මහතා ඉතිහාස ගතවිය.

Exit mobile version