ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවලිය සම්මත වෙයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් කිහිපයක් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළව අද පැවති ඡන්ද විමසීමේදි පක්ෂව ඡන්ද 22ක් ලබා යෝජනාව සම්මත විය.

එම යෝජනාවලියට එරෙහිව විපක්ෂව, එනම් ශ්‍රී ලංකාවට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 11ක් පමණි.

රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.


මේ අනුව එම යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් රටවල් වන්නේ බංග්ලාදේශය, බොලිවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බෙකිස්තානය සහ වෙනිසියුලාවයි.

මෙම ඡන්දයේ දී යෝජනාවලියට ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් වන්නේ බහරේන්, බර්කිනා ෆාසෝ, කැමරූන්, ගැබෝන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය ලිබියාව, මෞරිටානියා, නැමීබියාව, නේපාලය, සෙනගාලය, සුඩානය සහ ටෝගෝ රාජ්‍යයන් ය.

එම ඡන්ද විමසීම අද දින ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.35ට පමණ ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය , මොන්ටිනීග්‍රෝ ,මැසිඩෝනියාව , මලාවි යන ඇතුළු රටවල් හයක් ඒකාබද්ධව මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනාව සහ තවත් රටවල් කිහිපයකට එරෙහි යෝජනා කිහිපයක්ම ඊයේ (22 ) එම කවුන්සලයේ සභාගත කර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සැසිවාරයේ ඊයේ දින න්‍යාය පත්‍රයේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් ඡන්ද විමසීම මෙලෙස අදට කල් ගොස් තිබුණි.

Exit mobile version