ශ්‍රී  දේවි දුම්රියට අද උදේ වන අලියෙක් ගැටේ…. අලියා එතැනම මිය යයි

සිරුර කැබලිවලට කැඩී තැන් තැන්වල විසිරිලා....

දිනසේන රතුගමගේ –

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ  ශ්‍රී දේවී සීඝ්‍රගාමී දුම්රියට  අද ( 9) උදෑසන මාන්කුලම ප්‍රදේශයේදී වන අලියෙකු ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම වන අලියා දුම්රියේ ගැටී ඇත්තේ මාන්කුලම හා පුලියන්කුලම යන දුම් රිය ස්ථාන දෙක අතරදී බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අනතුර හේතුවෙන් එම දුම්රිය පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වී ගමන් ආරම්භ කොට තිබුණි.


දුම්රියේ ගැටුණු  වන අලියාගේ සිරුරේ කොටස් කැබලි බවට පත්වී  තැන් තැන් වල විසිරී තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාන්කුලම පොලීසිය හා වනජීවී නිලධාරී කාර්යාලය මේ පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version