ශ්‍රි ලංකාව ලකුණු 78ක් ජය සමග එක්දින තරගාවලිය දිනයි

ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තුන්වැනි එක් දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රි ලංකාව ලකුණු 78ක ජයක් ලැබීමට සමත් විය. ඒ අනුව තරග තුනකින් යුතු එක් දින තරග මාලාවේ ජය 3-2ක් ලෙස ශ්‍රි ලංකාවට හිමි විය.

කාසියේ වාසිය ලැබීමෙන් පසු පළමුව පිතිකරණයට පිවිසි ශ්‍රි ලංකාව පන්දුවාර 50 තුළ කඩුලු 09කට ලකුණු 203ක් රැස් කර ගත් අතර දකුණු අපිකාවට ලබා ගත හැකිවූයේ පන්දු වාර 30ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 125ක් පමණි.
සාපේක්ෂව අඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගත් ශ්‍රි ලංකා පිළේ වැඩිම ලකුණු ලාභියා වූයේ චරිත් අසලංකයි. මුල් කඩුළු කිහිපයම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ අහිමි වූ අතර කණ්ඩායම ස්ථාවර කිරීමට සමත වූයේ චරිත් අසලංක සහ ධනංජය සිල්වායි. ධනංජයද ලකුනු 31ක් ලබා ගත් අතර දුෂ්මන්ත චමීර ලකුණු 29ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකානු පිලේ කැපී පෙනන පන්දු යවන්නකු වූයේ කේෂව මහරාජ්ය. ඔහු ලකුණු 38කට කඩුලු තුනක් ලබා ගත්තේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දකුණු අප්‍රිකානු පිළේ මැද පෙළ පිතිකරු එච් ක්ලාසෙන් ලකුණු 22ක් ලබා ගත් අතර විශිෂ්ට පන්දු යැවීමක් පෙන්නුම් කළ මහීෂ් තීක්ෂණ ලකුණු 37කට කඩුලු හතරක් ලබා ගත්තේය. දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග කඩුලු දෙක බැගින්ද ප්‍රවීන් ජයවික්‍රම සහ වනිදු හසරංග කඩුලු එක බැගින්ද ලබා ගත්හ. තරගයේ වීරයා බවට දුෂ්මන්ත චමීර නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා වූයේ චරිත් අසලංක ය.

Exit mobile version