ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වනවිට ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමේ කඩුළු තුනක් දැවී ලකුණු 98ක් රැස් කගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 114ක් පසු පසින්  සිටී.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ  අද උදේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 59ක් තුළ ලකුණු 212කට දැවී ගියේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නිරෝෂන් දික්වැල්ලය. ඔහු ලකුණු 58ක් ලැබුවේය. ඊට හතරේ පහර 06ක් ඇතුළත් විය.

ඈන්ජලෝ මැතිව්ස් හතරේ පහර තුනක් සමග ලකුණු 39ක්, පැතුම් නිශ්ශංඛ හතරේ පහර 03ක් සමග ලකුණු 23ක්, දිමුත් කරුණාරත්න හතරේ පහර 03ක් සමග ලකුණු 28ක්, රමේෂ් මෙන්ඩිස්  හතරේ පහර 03ක් සමග ලකුනු 22ක්  ලැබුවේය.


පන්දු යැවීමේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් නේතන් ලියොන් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. ඔහු ලකුණු 90ට  කඩුළු 05ක් බිඳ හෙළුවේය. මිචෙල් ස්වෙප්සන් ලකුණු 55ට කඩුළු 03ක්, මිෂෙල් ස්ටාක්  සහ පැට් කුමින්ස් එක් කඩුල්ල බැගිනුත්  ලැබූහ.

පළමු ඉනිම  ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට කඩුළු 03ක් දැවී ලකුණු  98ක් රැස් කරගෙන හිඳී. ආරම්භක පිතිකරු උස්මාන් කවාජා  නොදැවී ලකුණු 47ක් ලබාගෙන හිඳී. ඔහු හතරේ පහර හයක් ඊට එල්ල කර ඇත. උස්මාන් කවාජා සහ ට්‍රෙවිස් හෙඩ් නොදැවී කඩුල්ලේ රැඳී හිඳී.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත් කඩුලු 03න් දෙක්කම  රමේෂ් මෙන්ඩිස්ගේය. ඔහු ලකුණු 35කට එම කඩුළු දෙක  ලබාගත්තේය.  තුන්වන කඩුල්ල ලෙස ස්ටීවන් ස්මිත් දුවද්දී දැවී යෑමකට හසු විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරගය විවෘතය.  ගාල්ල පිතිකරණයට අපහසු තණතීරුවක් බව විචාරකයෝ පවසති. කෙසේ වෙතත් ලකුණු 212  මුල් ඉනිම වෙනුවෙන් ප්‍රමාණවත් නැති බව විචාරක අදහසය. ගාලු ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසනාව ගෙනෙන ක්‍රීඩාංගනයක් බව ක්‍රීඩා ලෝලීහු විශ්වාස කරති. එම විශ්වාසය සහිතව ජීවිත අසීරුතා මධ්‍යයේ තරගය සමග රැඳී සිටිති..

Exit mobile version