ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම් ෆ්ලොරිඩාවේ සිට නිව්යෝර්ක් දක්වා ඔවුන්ගේ ගමනේදී බරපතල බාධාවකට මුහුණ දුන් අයුරු මාධ්‍යවේදී අසාම් අමීන් නිව්යෝක් නුවර සිට නිව්ස් වයර් වෙබ් අඩවිය වෙත වාර්තා කර තිබිණි.
දැවෙන ෆ්ලොරිඩා හිරු යටතේ පැවති පීඩාකාරී තරඟයකින් පසු, ශ්‍රී ලංකා සහ අයර්ලන්ත ක්‍රීඩකයින් ෆ්ලොරීඩා සිට නිව්යෝක් නුවර දක්වා ඔවුන්ගේ වෙන් කර තිබූ ගුවන් ගමන කිසිදු දැනුම් දීමකින් තොරව පැය හතකට ආසන්න කාලයක් ප්‍රමාද වීම නිසා මෙම බරපතල අවුලට මුහුණ දී තිබිණි.
ගුවන් ගමන සැලසුම් කර තිබී ඇත්තේ සිකුරාදා රාත්‍රී 8 ට නිව්යෝර්ක් වෙත පැමිණීමට ය. නමුත් කණ්ඩායම් තුන නිව්යෝක් නුවරට පැමිණ ඇත්තේ සෙනසුරාදා උදෑසන 5 ට පමණය. ඔවුන් ප්‍රමාද වූ පැය 7ම ගත කර ඇත්තේ ගුවන් තොටුපලේ්ය.
මෙම දැඩි ප්‍රමාදය හේතුවෙන් සෙනසුරාදා පෙරවරුවේ සැලසුම් කර තිබූ උදෑසන පිතිකරණ පුහුණු සැසිය අවලංගු කිරීමට සිදු වූ අතර එය ඉදිරි තරඟ සඳහා ඔවුන්ගේ සූදානම තවදුරටත් අඩාල වී තිබිණි.
මේ දුක්ඛිත තත්ත්වය තවත් තීව්ර කර තිබුණේ ශ්‍රි ලංකා කණ්ඩායම නවාතැන් ගෙන තිබූ හෝටලයේ සිට පුහුණු සැසි පවත්වන ක්‍රීඩාංගනයට ගමන් කිරීමට පැය එක හමාරක පමණ කාලයක් ගත කිරීමට සිදුවීම ය. මේ තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම්වලට බාධා ගෙන දුන්නා පමණක් නොව, එය ගමන් තෙහෙට්ටුව වැඩි කිරීමට ද බලපා තිබිණි.
කෙසේ වෙතත් තරග සංවිධායකයින් ඉන්දියානු කණඩායමට සලකා තිබුණේ ඊට හාත්පසින්ම වෙනස්වය. ඉන්දියානු කණ්ඩායමට වැ ක්‍රීඩාංගනය අසල හෝටලය නවාතැන් සපයා තිබිණි. ඔවුන්ගේ ක්‍රීඩා බොහොමයක් එකම ස්ථානයක ක්‍රීඩා කිරීමේ පහසුව සලසා ඒ මගින් ඔවුන්ගේ ගමනා ගමන කරදර මඟහරවා තිබිණි.
ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය සමඟ එක්ව, මෙම සංවිධාන සැලසුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්යෝර්ක්හි පැවැත්වෙන තරඟයෙන් පසු ඩලස් බලා පිටත්ව යාමට නියමිතය. ඔවුන්ට විවේක කාලයක් නොමැති තත්ත්වයක් ඇති වී තිබේ. ඔවුන්ගේ සුවය සහ කාර්ය සාධන කාලසටහන් තවදුරටත් කඩාකප්පල් වීම කැපී පෙනී ඇත.
නවාතැන් සහ ගමන් විධිවිධානවල විෂමතාවය තරඟාවලියේ සැපයුම්වල සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව පිළිබඳ ප්‍රශ්න මතුකරමින් ඇති බව වාර්තා වේ.
සහභාගී වන සියලුම කණ්ඩායම් සඳහා සාධාරණ ලෙස සැලකීම සහ ප්රශස්ත තත්ත්වයන් සහතික කිරීම සඳහා ආයතනික පරිචයන් නැවත ඇගයීමක් මෙම ගැටලුව මගින් ඉල්ලා සිටී. – (නිව්ස් වයර්)