ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් Kookaburra එක්ක රහසින් ඩීල් එකක් දාල ද?

කොළඹ – දිලංගා ගෝමස් –

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ එළැඹ තිබූ වාර්ෂික ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා නිල ලාංඡනය සහිත ගමන්මලු පමණක් ක්‍රීඩකයින් විසින් භාවිතා කළ යුතුව තිබිය දී , ක්‍රිකට් ආයතනයේ අනුමැතියකින් තොරව කිසිදු ලාංඡනයක් හෝ ප්‍රචාරණ දැන්වීමක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීඩකයන් භාවිතා කරන ඇඳුම්වල හා ගමන් මළුවල වෙළෙඳ ලකුණු ප්‍රදර්ශනය නොකළ යුතුව පවතිද්දී, ඔස්ට්‍රේලියාවේ පසුගිය වසරේ සිදුකළ 20යි විස්ස ලෝක ශූරතා තරගාවලියේ දී ‍ Kookaburra ලාංඡනය සහිත ක්‍රීඩා බෑග් මිලදී ගෙන ක්‍රීඩකයින්ට ලබා දීම පිළිබඳ හෙළි නොවුන ගනුදෙනුවක් පවතින්නේද යන්න සැකයට තුඩු දී තිබේ.

වර්ෂ 2022 දී පැවති T-20 ලෝක කුසලාන තරගාවලියට අදාළව විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදයන් ගෙන් බැහැර මෙම මිලදී ගැනීම සිදුකර ඇති බව මෙම තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව අනාවරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් අංශයේ ප්‍රධානි විසින් ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සන සහිත නිල මුද්‍රාව තැබූ 2022 සැප්තැම්බර් 19 දිනැති ලිපියක් මගින් තරග සංචාරය සඳහා කණ්ඩායම් කළමනාකරු වෙත ලබාදිය හැකි උපරිම සීමාව සහිත ණය කාඩ් පතක් නිකුත් කරන ලෙස ගණකාධිකාරීවරයා වෙත දන්වා තිබුණද මීට පෙර තරග සංචාරයන් සඳහා කළමනාකරුගේ පුද්ගලික නමින් කළමනාකරු වෙත ලබාදී තිබූ ලංකා බැංකු සංචාරක හර කාඩ් පතෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු ඇමරිකානු ඩොලර් 6,223.74 ක භාවිතා නොකල ශේෂයක් ඉතිරිව තිබියදීත් ඒ පිළිබඳ අවධානය යොමු නොකර නැවත ඇමරිකානු ඩොලර් 10,000ක් සංචාරක කාඩ් පතට ප්‍රේරණය කිරීමට කටයුතු කර තිබුණු අතර ඉතිරි ඇමරිකානු ඩොලර් 2,000ක් මුදලින්ද ලබාදී තිබුණි.
ඔස්ට්‍රේලියාවේ තරග සංචාරය අතරතුරදී අදාළ සංචාරක කාඩ් පත භාවිතා කරමින් ඇමරිකානු ඩොලර් 4,581.69 ක් වැයකරමින් රුපියල් 1,679,614 ක් වටිනා ක්‍රිකට් ආම්පන්න බහාලන ගමන් මළු (Kit Bag) 30 ක් මිලදී ගැනීමට කටයුතු කර ඇත.

2022 වර්ෂයේ සැප්තැම්බර් 11 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එක් බෑගයක මිල ඇමෙරිකානු ඩොලර් 76 ක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ලාංඡනය සහිත ගමන්මලු (Kit Bag) 30 ක් මිලදී ගෙන ඉන් සංචාරක ගමන්මලු (Kit Bag) 20 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට පෙර අවශ්‍යතාවයට අනුව ක්‍රීඩකයින් හා සහය කාර්ය මණ්ඩලය වෙත නිකුත් කර තිබියදීත් , ශ්‍රී ‍ ලංකා ක්‍රිකට් ආයතනයේ ගබඩා භාරකරු සතුව තවත් ගමන් මලු 24 ක් ඉතිරිව තිබියදීත් වැඩි මුදලකට නැවත මෙම ගමන් මළු මිලදී ගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට අනුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසන් වරට මිලදීගෙන තිබූ (kit bag) එකක මිල ඇමෙරිකානු ඩොලර් 76 ක් වී තිබුණද ‍ ඕස්ට්‍රේලියාවේදී මිලදීගෙන තිබූ (kit bag) එකක මිල එම මිල මෙන් දෙගුණයක් එනම් ඇමෙරිකානු ඩොලර් 152.72ක් වී තිබුණි.

Exit mobile version