ශ්‍රි ලංකන් ගුවන්  යානයක් ඉතිහාසයේ  බිහිසුණුම අනතුරකට ගුවනේ දී මුහුණ දෙන්නට ගොස්   නූලෙන් බේරුණු හැටි…

තුර්කි ගුවන් ගමන් පාලක මැදිරිය පිස්සු නටලා... නියමුවන්ගේ සැලකිල්ල නොවන්නට අද රටම මළ ගෙයක්...

ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ  ශ්‍රි ලංකන්  ගුවන් යානයක් ගුවනේදී සිදුවන්නට ගිය අති දැවැන්ත අනතුරකට මුහුණ දීමේ ආසන්නයට ගොස් නිරුපද්‍රිතව ඊයේ (14)  පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ  වෙත ගොඩ බස්වා ඇති  බව ඩේලි මිරර් වාර්තා කරයි. 

තුර්කි ගුවන් සීමාව තුළදී සිදුවන්නට ගිය මෙම අනතුරේදී බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සමඟ ගැටීමේ අවදානමක් මතුව ඇති අතර ශ්‍රි ලංකන් නියමුවන්ගේ විමසිලිමත් භාවය නිසා එය වළක්වා ගැනීමට හැකිව ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

මගීන් 275ක් සහ කාර්ය මණ්ඩලය සමග  ලන්ඩනයේ හිත්රෝ ගුවන් තොටුපළේ සිට  ගුවන් ගත වූ UL 504 දරණ ගුවන් යානය  අන්කාරා හි තුර්කි ගුවන් සීමාවට ඇතුළු වී ඇති අතර එහිදී තුර්කි ගුවන් පාලන මැදිරිය මෙම යානයට අඩි 33000 සිට  35000 දක්වා  ඉහළ ධාවනය කරවන ලෙසට උපදෙස් දී තිබේ.

කෙසේ වුවද ශ්‍රි ලංකන් ගුවන් නියමුවන් ගුවන් ගමන පිළිබඳව දැඩි විමසිලිමත් බවකින් සිට ඇති අතර ඒ වනවිටත් මෙම යානයට කලින් ලන්ඩනයෙන් පිටත් වූ බ්‍රිටිෂ් එයාර්වේස් යානයක් මෙම යානයට සැතපුම් 15ක් ඉදිරියෙන් ගමන් කරන බව හදුනාගෙන තිබේ.  නියමුවන් මේ පිළිබඳව ගුවන් පාලක මැදිරියට දන්වා ඇත.


පරීක්ෂා කිරීමෙන් පසු, අන්කාරා ගුවන් ගමනාගමන පාලක විසින් යළිත් ශ්‍රි ලංකන් යානයට දන්වා ඇත්තේ එවැනි යානයක් මෙම ගුවන් සීමාවේ අති බවට තම රෙඩාර්වලට හසුව නැති අතර අහස පැහැදිළි හෙයින් අදාළ සීමාවට යානය ඉහළ නංවන ලෙසය.

එසේ වුවද මේ වනවිටත් ශ්‍රි ලංකන් යානයේ රේඩාර්වලින් මෙම යානය නිරීක්ෂණය වන බැවින් යානය ඉහළට නැංවීමෙන් තොරව යළි තුර්කි ගුවන් ගමන් පාලන අධිකාරිට ඒ බව දන්වා ඇත. එයින් පසුව යළි පරීක්ෂා කිරීමෙන් පසුව සැලකිය යුතු වේලාවකට පසුව මෙම යානයට එම උසට ගුවන් ගත නොකරන ලෙසත් තමනට බ්‍රිටිෂ් එයාර්වේස් යානය හඳුනාගත හැකි ව තිබූ බවත් දන්වා ඇත.

විමසිලිමත් බවකින් තොරව ලැබුණු උපදෙස් මත ගුවන් යානය ඉහළ නැංවූයේ නම් ගුවන් යානා දෙක අහසේදී ගැටී මෑත කාලයේ ගුවනේදී යානා දෙකක් ගැටීමෙන් සිදුවන ලොව බිහිසුණුම ගුවන් අනතුරක් ලෙස මෙම අනතුර ඉතිහාස ගත වීමේ අවදානමක් පැවති බව මෙම ආරංචි මාර්ග උපුටා දක්වන ඩේලි මිරර් පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවදානම් තත්ත්වය පිළිබඳව ශ්‍රි ලංකන් නියමුවන් අදාළ බලධාරීන් වෙත දන්වා අති බව ද වාර්තා වේ.

Exit mobile version