ශෂිකලා රවිරාජ් වෙනුවෙන් උතුරේ දේශපාලන පක්ෂ එක්වේ…

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරග කොට දැඩි  අසාධාරණයකට ලක් වූයේ යැයි කියන අභාවප්‍රාප්ත නඩරාජා රවිරාජ්ගේ බිරිය ශෂිකලා රවිරාජ්  වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හැර අනෙක් සියලුම දෙමළ දේශපාලන පක්ෂ පෙනී සිටීමට තීරණය කොට තිබේ.

මැතිවරණයේදී ඇය මන්ත්‍රීවරියක්වීම වැළැක්වීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු තුන් දෙනෙකු විවිධ ක්‍රියා මාර්ග අනුගමනය  කළ බවට ශෂිකලා රවිරාජ්  චෝදනා කරයි.

ආනන්දි ශෂිහරන් සහ ශිවාජිලංගම් ශෂිකලා මුණගැසී

මනාප ගණනය කිරීමේදී ඇයට සිදුව ඇති අසාධාරණය සම්බන්යෙධන් නීතිමය කටයුතු කිරීමට උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම්  ඉදිරිපත් වී සිටින අතර තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයේ ආනන්දි සෂිහරන්   ශෂිකලා රවිරාජ්ගේ නිවසට ගොස් මේ පිළිබඳව තව දුරටත් කරුණු සාකච්ඡා කොට තිබේ.


අංගජන් රාමනාදන් හා ආනන්දි ශෂිහරන් ශෂිකලා මුණගැසුණු මොහොත…

මේ අතර යාපනය දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී අංගජන් රාමනාදන්ද  සෂිකලා රවිරාජ්ට සිදු වූ අසාධාරණය පිලිබඳව ඇයගේ නිවසට ගොස් සාකච්ඡා කොට තිබේ.

ශෂිකලා රවිරාජ්  මේ සියලුම දෙනාට ප්‍රකාශ කොට ඇත්තේ ඡන්ද ගණනය කළ දිනයේදී අලුයම් කාලය වන තුරුම තමන්ට විශාල මනාප සංඛ්‍යාවක් තිබූ නිසා තමන් යාපනය දිස්ත්‍රික්කයෙන් දෙවැනි තැනට තේරී පත්වී සිටි බවයි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ආධාරකරුවන් පිරිසක් පැමිණ ඇතිකරගත් ආරවුලක් මත තමන්ට හා තම දියණියන් දෙදෙනාට ඔවුන් පහර දීම නිසා ඡන්දය ගණන් කළ කාර්යාල භූමියෙන් ඇයට ඉවත් වන්නට සිදුවූ බවත් පසුව ඇය පරාජය වූ අයෙකු වශයෙන් නම් කොට තිබූ බවත් ශෂිකලා රවිරාජ්  සඳහන් කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව නීති මගින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයට එරෙහි සියලුම දෙනා පියවර ගනිමින් සිටිති.

 

Exit mobile version