ශල්‍ය කර්මයකින් එළියට ගත නොහැකිව පෙනහල්ලේ සිරවුණු මූනිස්සම මුඛයෙන් එළියට ගත් භෞත චිකිත්සක විස්කම…

භෞත චිකිත්සක ප්‍රතිකාර කරන්නෙ වෙඩි වැදී ශල්‍යකර්මයකට ලක් ව සිටි පුද්ගලයාට....

ලලිත් චාමින්ද

වෙඩි තැබිමකින් බරපතල තුවාල  ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස්  ශල්‍ය ඒකකයට ඇතුළත්කොට සිටි දෙදරුපියකුගේ වම්පස පෙනහැල්ලේ හිරවි තිබු මුනිස්සමක් හෘද උරස් භෞත චිකිත්සක  ප්‍රතිකාර  මගින් ඉවත්කිරිමට  කටයුතු කර ඇත.

මූනිස්සම පෙනහල්ලේ සිරවී තිබුණ ආකාරය…

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද  හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍රගේ අධික්ෂණය යටතේ   හෘද හා උරස් ශල්‍ය ඒකකයේ භෞත චිකිත්සක අසංක  මද්දුමආරච්චි   විසින්  වම්පස පෙනහැල්ලේ හිරවි තිබු මෙකි මුනිස්සම ඉවත් කිරිමට කටයුතු කරණු ලැබිය.

තංගල්ල  මොරකැටිය ප්‍රදේශයේ  වු වෙඩි තැබිමකින්  මෙකි පුද්ගලයා බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට තිබුණි. ඔහු 35 හැවිරිදිවියේ පසුවන අයෙකි. වෙඩි තැබිමෙන්   පුද්ගලයාගේ  දකුණු පෙනහැල්ල පසාරුකරගෙන ගොස් වම්පස පෙනහැල්ලේ මුනිස්සම හිරවි තිබු බව භෞත චිකිත්සක අසංක  මද්දුමආරච්චි   පවසයි.  


වෙඩි වැදිමෙන් බරපතල තුවාල ලැබු  මෙම  පුද්ගලයා හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය   ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර   විසින් ශල්‍යකර්මයකට ද භාජනය කරණු ලැබිය.  පිටතට ගැනිමට නොහැකි අයුරින්   මුනිස්සම වම්පස පෙනහැල්ලේ පහලට වන්නට හිරවි තිබුණි. පසුව විශේෂඥ ශල්‍ය වෛද්‍ය   ට්‍රෝලුෂා හරිස්චන්ද්‍රගේ අධික්ෂණය යටතේ භෞත චිකිත්සක අසංක  මද්දුමආරච්චි   විසින් භෞත චිකිත්සක  ප්‍රථිකාර  මගින් මෙකි මුනිස්සම මුඛයෙන් පිටතට ගැනිමට  කටයුතු කරණු ලැබිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“බටයක් දමාවත් මුනිස්සම පිටතට ගැනිමට නොහැකි තත්වයක් තිබුණා. එක්ස්රේ කොපිය  පරික්ෂාකොට බලා  තුවාල ලැබු පුද්ගලයාගේ උදරය තෙරපිමට ලක්කොට   ස්වාසනාලය හරහා මුනිස්සම රැගෙනවිත් මුඛයෙන් පිටතට ගැනිමට කටයුතු කළා. භෞත චිකිත්සක ප්‍රථිකාර මගින් තමයි  මුනිස්සම පිටතට ගත්තේ. මුනිස්සම අඟලක් පමණ දිග ඇති විෂ්කම්භය මිලිලිටර් 02ක් පමණ ඇති බවද  අසංක මුද්දුමආරච්චි   සදහන් කළේය.

Exit mobile version